-

-
  • home
Home » » නැගෙනහිර මුසල්මානුවන් අතේ , උතුරත් අහිමියි - රටම ඉවරද ?

නැගෙනහිර මුසල්මානුවන් අතේ , උතුරත් අහිමියි - රටම ඉවරද ?


උතුර අද පාලනය කෙරෙන්නේ විග්නේෂ්වරන් ප්‍රමුඛ බෙදුම්වාදීන්ගේ අභිමතය අනුව බව පැහැදිලි කරුණකි. උතුර බෙදුම්වාදීන්ට දෙන්නේ නැතැයි කියූ නායකයින් ක්‍රියා කරන්නේ නම් ඔවුන් ප්‍රකාශ කල දේට සපුරා වෙනස් අයුරිනි. දැන් නැගෙනහිරද මුළුමනින් රජයේ පාලනයෙන් ගිලිහී යමින් පවතී. මේ වන විට නැගෙනහිර මුළුමනින්ම පාලනය වන්නේ ජිහාඩ් සංවිධාන වල නායකත්වය ලබන මුස්ලිම් පාතාල කල්ලි හා මුස්ලිම් දේශපාලනඥයින්ගේ අණ පරිදිය.

ආරක්ෂක අංශ නැගෙනහිර පැවතුණේ ආසන්න වශයෙන් නාමිකවය.  දැන් මේ වන විට ඇතිවී තිබෙන තත්වය අනුව ආරක්ෂක අංශ වලටද නැගෙනහිර තම රාජකාරි කිරීමට මෙම පාතාල කල්ලි වල උවමනාවට නැටවෙන මුස්ලිම් පල්ලියේ අවසරය ගන්නට සිදුව ඇත. මෙවන් අවස්ථාවන් එකකදී හෝ මුසල්මානුවන් තමාට අවශ්‍ය වූ දෙය ලබා නොගෙන පසුබට වූවායැයි අසා තිබේද?. මෙවර ඔවුන් නවතින්නේ නැගෙනහිර පොලිස් බලතල අතට ගෙන බව සක්සුදක් සේ පැහැදිලිය.

නැගෙනහිර තත්වය මෙය බව ආරක්ෂක අංශ හා බුද්ධි අංශ වලින් හෙළිදරව් කර තිබුණේ බොහෝ කලක පටන්ය. ඒ තත්වය පාලනය කරන්නට රජයේ පාර්ශවයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනුනා නම් අද මේ තත්වය ඇති වන්නේ නැත. ඉදිරියේදී පවා රජය වෙනස් ආකාරයකට ක්‍රියා කරතියි බලාපොරොත්තු විය හැකිද?. මේ තත්වය නොබෝ කලකින්ම දකුණටද එළඹෙන බව කිව යුතු නැත. සිංහලයින්ට ජීවත් වෙන්නට ඉඩක් ඉතිරි කරගන්නට දැන්වත් කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් කතා කළ හැකි පඹයින් නොවන පාලකයින්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙයි.


0 comments:

Post a Comment