-

-
  • home
Home » » පල්ලියේ අවසරය නැතිව සෝදිසිකිරිමි බැ කියු තමිබියාට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිතුරැ දෙයි -

පල්ලියේ අවසරය නැතිව සෝදිසිකිරිමි බැ කියු තමිබියාට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිතුරැ දෙයි -



මින් පසු පොලිසිය හෝ ආරක්ෂක අංශ නැගෙනහිර රාජකාරි වලට පැමිණෙන්නේ නම් ප්‍රදේශයේ මහ පල්ලියෙන් අවසරය ලබා ගත යුතු බවත් සිවිල් ඇදුමින් සැරසී රාජකාරි සදහා පැමිණීම තහනම් බවත් නින්දවුර් උද්ගෝෂණය අතරතුර පාර්ලිමෙන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මාධ්‍ය අමතමින් කියා සිටියේය.


මන්ත්‍රිවරයා විසින් කරන ලද මේ ප්‍රකාශයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ එම ප්‍රකාශය පදනම් විරහිත බවත් ඒ ආකාරයෙන් නියෝග නිකුත් කිරීමට මන්ත්‍රීවරයෙකුට කිසිදු අයිතියක් නැති බවත්ය.

මෙරට පවතින නීතියට අනුව යම් අපරාධයක් පිළිබදව විමර්ශනය කිරීමටත් අපරාධයක් සිදුවන ස්ථානයක් පරික්ෂා කිරීමටත් කිසිවෙකුගේ විමසීමක් අවශ්‍ය නැති බවත්, යම් ස්ථානයක් පරික්ෂා කිරීමේදී සෝදිසි වරෙන්තුවක් පමණක් ලබාගැනීම සෑහෙන බවත්, මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති අංශ ක්‍රියාත්මක කිරීමට කිසිදු පල්ලියක හෝ පෞද්ගලික ආයතනයකින් විමසීමට අවශ්‍ය නැති බවත්ය. 

අපගේ උපහාරය..

0 comments:

Post a Comment