-

-
  • home
Home » » සිංහල රාවයේ මහලේකමි මැඩිල්ලේ හිමිට මරණිය තර්ජන කල අංකූඹුර පොලිස් ස්ථානාධිපති

සිංහල රාවයේ මහලේකමි මැඩිල්ලේ හිමිට මරණිය තර්ජන කල අංකූඹුර පොලිස් ස්ථානාධිපති



මීට දින ගණනාවකට මත්තෙන් ගම් දෙක්ක අතර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම් මත පක්‍ෂාග‍්‍රාහීව කටයුතු සිදු කළ අංකුඹුර පොලිස් සථානාධිපති, එහිදී පහර කෑමට ලක් වූ තරුණයකු දින 05ක් තිස්සේ නේවාසිකව රෝහලේ ප‍්‍රතිකාර ලැබුවද මැර කණ්ඩායමේ කිසිවෙක් අත් අඩංගුවට නොගෙන අවසානයේදී පොලිසියේ ඉල්ලීම මත ඒ පිරිස නිදහස් කළ අතර පසුව ඊයේ දිනයේදීද 2013-04-16 එම ප‍්‍රශ්නය නැවත උද්ගත වී අගතියට පත් වූ පාර්ශවයෙ දෙදෙනෙක් අමානුෂික අන්දමේ ප‍්‍රහාරයකට ලක් විය. එහිදි සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මැඩ්ල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් කරන ලද විමසීමට උරණ වූ පොලිස් ස්ථානාධිපති උන්වහන්සේගේ දෙමාපියන් වාසය කරන නිවසට ගොස් මරණය තර්ජනය කොට උන්වහන්සේගේ ජීවිතයට අවධානමක් ඇති කොට ඇත. 




 දැනටමත් උන්වහන්සේ මේ ජාතික ශාසනික සේවාවන් සිදු කරනු ලබන්නේ දැඩි තර්ජන ගර්ජන මැද්දේය. එනිසා උන්වහන්සේගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් අංකුඹුර පොලිස් ස්ථානාධිපති අනුෂ සනත් පියදස්ස වග කිවයුතු බව ආරක්‍ෂක අංශ ප‍්‍රධානවලට මෙන්ම පොලිස්පතිතුමාගේද අවධානය පිණිසද දන්වා සිටිමු.

0 comments:

Post a Comment