-

-
  • home
Home » » අමෙරිකාව ලංකාවට මානව හිමිකම් කසයෙන් ආයෙත් පහරගසයි

අමෙරිකාව ලංකාවට මානව හිමිකම් කසයෙන් ආයෙත් පහරගසයි



ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කරන බවට අමෙරිකාව යළිත් වරක් චෝදනා කර තිබේ. 


ශ්‍රී ලංකාව තුළ තවදුරටත් නීතිවිරෝධී ලෙස මිනී මැරීම්, සාමාන්‍ය වැසියන්ට පහරදීම් වාර්තා වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා විසින් 2012 වසරට අදාළව ඊයේ නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන්ය. 



මෙම සිද්ධීන්වලට මුහුණදුන් වැඩිදෙනෙක් සමාජ ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් හෝ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලෙස සැලකිය හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි. 



එසේම මාධ්‍ය ආයතන සහ අධිකරණ ද පහරදීම්වලට ලක්වන බව එහි සඳහන්ය. 



තවද අතුරුදහන් වීම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය ද තව තවත් වැඩිවන බවත් සාමාන්‍ය වැසියන්ට පොලීසියෙන් හිරිහැර සිදුවන බවත් එම වාර්තාවේ දැක්වෙයි. 



කෙසේ වුවද 2011 වසර හා සැසඳිමේදී මිනීමැරීම් සහ පහරදීම් හි අඩුවක් දක්නට ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ. 



ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා අර්ථාන්විත උනන්දුවක් ‍මේවන විට දක්නට ඇති මුත් සුළුතරයක් වූ දෙමළ වැසියන්ට තවදුරටත් වෙනස්කම්වලට මුහුණපාමින් සිටින බව එකී වාර්තාවේ දැක්වෙයි. 



තවද ශ්‍රී ලංකාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමත් හිටපු අගවිනිසුරුවරිය දෝෂාභියෝගයකින් පහ කිරීමත් අනුමත කළ නොහැකි කාරණා බව එම වාර්තාව මගින් පෙන්වාදී තිබේ. 


0 comments:

Post a Comment