-

-
  • home
Home » » බොස්‌ටන් ප්‍රහාරයේ සැකකරුවෙක්‌ වෙඩි කා නසී

බොස්‌ටන් ප්‍රහාරයේ සැකකරුවෙක්‌ වෙඩි කා නසී



පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගොස්‌ ඇත්තේ මේ පින්තූරයේ වම් පස ඉහළින් සිටින දෙදෙනාගෙන් එක්‌ අයෙකි.

ඇමරිකාවේ බොස්‌ටන්හි බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යෑයි සැකකළ දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ පොලිසිය විසින් වෙඩිතබා මරා දමා ඇත.

එකී පිපිරීමට සම්බන්ධ අනිත් සැකකරු හඹාගිය විශේෂ ස්‌වාට්‌ භට පිරිස ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

බොස්‌ටන්හි ප්‍රසිද්ධ එම්. අයි. ටී. විශ්වවිද්‍යාලය අසල සිටි පොලිස්‌ භටයකු මරා දැමීමෙන් පසු එකී සැකකරුවන් දෙදෙනා පසුපස පොලිසිය හඹාගොස්‌ ඇත.

මොවුන් මැෂින් තුවක්‌කු හා අත්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් පොලිසියට වෙඩි තබා තිබේ.

මේ නිසා බොස්‌ටන්හි වෝටර් ටවුන් ප්‍රදේශය වෙඩි ශබ්දවලින් ගිගුම් දී ඇත. 

එෆ්. බී. අයි. පොලිසිය දක්‌වන්නේ මුල්ම සැකකරු පොලිස්‌ වෙඩි පහරින් තුවාල ලබා රෝහලේදී මියගිය බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා එම්. අයි. ටී. විශ්වවිද්‍යාලයේ සැඟවී සිටින්නට ඇතැයි සැකකෙරේ. මොවුන් සතුව තිබූ බෑග් දෙකක්‌ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ රොබෝ යන්ත්‍රයක්‌ මගින් නිෂ්ක්‍රීය කර ඇත.

එෆ්. බී. අයි. පොලිසිය මෙම සැකකරුවන් පසුපස හඹා යන අවස්‌ථාවේ සියලුම මාධ්‍යවේදීන්ට තම ජංගම දුරකථන අක්‍රිය කරගන්නැයි නියෝග කර තිබේ.

මොවුන් සූව් වර්ගයේ වාහනයකින් පලායැමට උත්සාහ කර ඇත.

0 comments:

Post a Comment