-

-
  • home
Home » » විදුලි බිල අඩුකරන්න' ඇමැතිවරු ඉල්ලති

විදුලි බිල අඩුකරන්න' ඇමැතිවරු ඉල්ලති



අසාමාන්‍ය ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා ජනතාව දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කළයුතු බවත් ඇමැතිවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට අවධාරණය කරනු ලැබ තිබේ. පසුගිය 18දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මේ විදුලි ගාස්තු ඉහළ දැමීමට සංශෝධනයක් ගෙන එන ලෙසයි.

එමඟින් ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසද මෙහිදී ඇමැතිවරුන් ඉල්ලා ඇත.මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ඉදිරි දින දෙකේදී විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට ඉඩ ඇතැයි ආණ්ඩු පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා හමුවී ඉල්ලා ඇත්තේ මෙලෙස අසාමාන්‍ය ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා තමන්ට ජනතාව හමුවට යෑමට නොහැකි වී ඇති බවයි.

මේ නිසා අදාළ විදුලි ගාස්තු ඉහළ දැමීම සංශෝධනය කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද එම මන්ත්‍රිවරුන් විසින් ඉල්ලා ඇත.මේ හදිසි රැස්වීමේදී ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකුද මේ සම්බන්ධයෙන් දැඩිව අදහස් දැක්වීමට තීරණය කර ඇතැයිද දැන ගන්නට ඇත. 


0 comments:

Post a Comment