-

-
  • home
Home » » පදවි රක්‍ෂිතයේ අක්. 31,875ක් විනාශ කිරීමේ සැලැස්මක්

පදවි රක්‍ෂිතයේ අක්. 31,875ක් විනාශ කිරීමේ සැලැස්මක්



අනුරාධපුර, පදවිය වන රක්‍ෂිතයට සහ පදවිය වැව අභය භූමියට අයත් අක්කර 31,875ක් විනාශ කිරීමේ සැලැසුමක් ඇති බව පරිසර සංරක්‍ෂණ භාරය හෙළිදරව් කරයි.
ජනතාව පදිංචි කරවීමට යැයි පවසමින් මහවැලි අධිකාරිය විසින් මෙලෙස අදාළ රක්‍ෂිතය කපා එළි කිරීමට සැලැසුම් කර ඇති බවත්, එය ප්‍රදේශයේ ජෛව විවිධත්වයට මෙන්ම ජල උල්පත් සිඳී යෑමටද හේතු වනු ඇති බවත් එම සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා සඳහන් කරයි.


පදවිය වැව සහ ඒ ආශ්‍රිත ජල පෝෂිත වනාන්තර ප්‍රදේශ ආවරණය වන පරිදි 1963 ජුනි 21 වැනි දින මේ අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත. එසේම 2009 අංක 65 දරන වන සංරක්‍ෂණ ආඥා පනතට අනුව අංක 1793/21 දරන ගැසට් නිවේදනය මඟින් පදවිය රක්‍ෂිතය ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රධාන අලි ගැවසුම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති මේ රක්‍ෂිතය සහ අභය භූමිය විනාශ කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් සකස් කෙරෙමින් පවතින බවද සඳහන් කරන අදාළ සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂවරයා, ඊට වන සංරක්‍ෂණ ‍ෙදාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය සම්බන්ධ වී ඇති බවද පවසයි.


0 comments:

Post a Comment