-

-
  • home
Home » » විදුලි බිල වැඩිවීමෙනුත් අසාධාරණය පොඩි මිනිහාට පමණයි - මෙන්න සාක්ෂි

විදුලි බිල වැඩිවීමෙනුත් අසාධාරණය පොඩි මිනිහාට පමණයි - මෙන්න සාක්ෂි



ඇතැම් විට ඉදිරියේදී ඔබ නිවසේ කරන්නට සිදුවන දෙයක් පිළිබඳව  ඊයේ නිව්ස්ෆස්ට් මැදිරයේ දිද අපුරැ නිදර්ශනයකින් පෙන්වා දුන් ආකාරයයි. ඔවුන් සුලු වේලාවකට මැදිරි සංකිර්ණයේ විදුල විසන්දි කර ඉදිරියේදි ඇති විය හැකි තත්වය පිලිබදව අදහසක් ලබා දුන්නා. 
එසේ කරන්නට සිදු වන්නේ, ඇයිද යන්න පිළිබඳ ඊයේ අපි ඔබට ඊයේ අනාවරණ කළෙමු.
එහිදී අප පෙන්වා දුන් කරුණ වුයේ, ඔබ පාවිච්චි කරන්නේ, ඒකක 90ක් නම් නිවසක පෙර පැවති රුපියල් 982ක් වූ විදුලි බිල නව සංශෝධනය අනුව රුපියල් 1,161ක් දක්වා ඉහළ යන බවය.
ඔබ ඒකක 90ක් පරිභෝජනය කරන පාරිභෝගියකු නම් නව ක්‍රමය යටතේ ඔබේ විදුලි බිල සැකසෙන්නේ මෙලෙසය.
ඒකක ගාස්තුව 90X 8.50    = 765
ස්ථාවර  ගාස්තුව                      90
ඉන්ධන ගැළපුම් ගාස්තව       306
                                          1,161

තවද හදිසියේ හෝ ඔබගේ විදුලි පරිභෝජනය තවත් ඒකකයකින් ඉහළ ගියහොත් සිදුවන දේ භයානක බව ද අපි පෙන්වා දුන්නෙමු. එනම් ඒ ඒකකය වෙනුවෙන් ඔබට අමතර රුපියල් 1065ක් ගෙවීමට සිදුවීමය.

 එය සිදුවන්නේ මෙලෙස ය. ඒකක ගාස්තුව 91X15 = 1365
                                                                                    315
                                                                                    546
                                                                                  2,226

 ඒ අනුව ලබන මාසයේ ලැබෙන විදුලි බිලේ සැර වැඩි බව මෙයින් ඔබට මනාව පැහැදිලි වනු ඇති.

 එහෙත් මෙම සැර වැඩිපුරම දැනේනේ කාට ද?

 මෙවර විදුලි සැර වැඩියෙන්ම වැදිලා තියෙන්නේ, දවසකට විදුලි ඒකක 2ක් 3ක් පාවිච්චි කරන අපේ රටේ වැඩිම විදුලි පාරිභෝගිකයින් පිරිසටය. දවසකට එක ඒකකයක් එහෙම නැත්නම් මාසයකට ඒකක 30ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල 53%කින් ඉහළ යනු ඇති. 

 ඒ වගේම මේ රටේ 75%කට වැඩි පිරිසක් පාවිචිකරනු ලබන්නේ, ඒකක 100ට අඩුවෙනි. නව සංශෝධන අනුව ඔබ විදුල ඒකක 100ක් භාවිත කරන පාරිභෝගිකයෙකු නම් ඔබේ විදුලි බිල 94%කින් ඉහළ යනු ඇති. මෙවර සංශෝධනයේ එක් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ, මාසිකව විදුලි ඒකක 500ත් 900ත් අතර ඉහළ විදුලි පරිභෝජනයක් සහිත නිවසක විදුලි බිල 1.2%ත් 13.7ත් අතර ඉතා අඩු අගයකින් වැඩිවීමය. 

 මෙවර විදුලි බිල සැකසීමේදී තවත් සුවිශේෂි තත්ත්වයක් දැකගත හැකිය. එනම් මීට ඉහළ ඔබගේ විදුලි බිලේ ඒකක 30න් 30ට විවිධ මිල ගණන් යටතේ විදුලි බිල සැකසුනත් මෙවර සංශෝධනයේදි එය වෙනස් කර තිබේ. ඔබ මාසයක් තුළ භාවිත කරන විදුලි ඒකක ප්‍රමාණයටම අය කෙරෙනුයේ එක් මිලකි. එහිදී ඔබගේ මාසික පරිභෝජනය විදුලි ඒකක 31 සිට 60 දක්වා නම් ඔබ සෑම ඒකයකටම රුපියල් 6 බැගින් ගෙවිය යුතු වේ. ඔබේ පරිභෝජනය ඒකක 61-90ත් අතර ප්‍රමාණයක් වුණොත් ඒ සියලු ඒකක සඳහා ඔබ 8.50 බැගින් ගෙවිය යුතු වන අතර ඒකක 91 ත් 120ත් අතර නම් එය රුපියල් 15කි. මෙම ඛාණ්ඩ අනුව ස්ථාවර ගාස්තුව ද රුපියල් 30 සිට 315 දක්වා ඉහළ යනු ඇති.

--------------------------------------------------------------------------------------------------------

මේ පිළිබදව ජනතා අදස්ද සත්‍ය නිවිස් වෙත ලැබි තිබුනා. එයින් තෝරාගත් අදහස් දැක්වීමක් පහත දැක්වේ.

විදුලි බිල වැඩි කරන බවට රජය පවසද්දී ඒකට මූනදීමට අපහසුබව කිසිවෙකුත් නොපවසන්නේ ඇයි?

හලාල් වෙනුවෙන් කථාකරපු අය/ විරුද්ධ වුන අය මේ පොදු ප්‍රශ්ණෙදි එකට එක්ව...
යෝජනා කරමු-
ඉල්ලා සිටිමු- 
බල කරමු- 
විදුලි බිල වැඩි කිරීම වලකින්න කියල..... 

විදුලි බිල වැඩි කරන්න වෙන බව ලං වි ම බලධරයා ටෙලිවිෂනයේ කිව්වේ හරිම සතුටකින්....
ඒ සතුට අපිට නෑ...... 
අද රටේ තියන ආර්ථික අපහසුතා හමුවෙ අපි බහුතරයක් දඩුවම් විදිද්දී ජනතාව විථි නොබසින්නේ ඇයි දැයි සැකයක් ඇත.
එක්කො සමහරෙක් ජාතික ධනය මංකොල්ලා කමින් රට කාබාසිනියා කරනව.... 
නැත්නම් කිසිවෙකුට හෝ බියෙන් මුනිවත රකිනව....

ජාතිවාදී ආගම්වාදී දේශහිතෛශි මිතුරනි.....
රජය පෙරලන්න නොව මේ ආයාචනය, විදුලි බිල වැඩි කිරීමෙන් සිදුවිය හැකි ව්‍යසනයෙන් ජනතාව බේරා ගන්නා ලෙසයි....
විදුලි බිල වැඩිවීම සියළුම දේට අහිතකර ලෙස බලපාන බවට තේරුම් ගන්න තරම් මොලයක් නැති අමනයන්ද අපි? 
මෙය හැකිතාක් දුරට හුවමාරු කරගමු මිතුරන් අතරේ..... 
මතයක් ගොඩනගමු රජයේ වෙන වියදමක් කපා හැරල මේ බර අපිට දෙන එක වලක්වන්න කියල.... 
අපේ පොඩි එවුන් පාඩම් කරන්න ඕන... 
ඩෙංගු මදුරුවො නිසා විදුලි පංකා ක්‍රියාත්මක කරන්න ඕන.... 
දවල්ට උයපු ටික රැට කන්න ශිතකරණයේ තියන්න ඕන....
ගෑස් ගණන් නිසා හිටරය ගහල වතුර උණු කරගන්නෙ...... 

මේව ඇඟට නොදැනෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුව ඇත,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
සත්‍ය නිවිස්
news Source 01



1 comments:

  1. Hena gahapiyai, Current bila wedi karapu eunta, mun Loku ekata sahana didi Podi minihata kelawanawa

    ReplyDelete