-

-
  • home
Home » » සෞදියේදී නිරුවත් කර වේවැලෙන් පහර කෑ කාන්තාවක් කරාපිටිය රෝහලේ

සෞදියේදී නිරුවත් කර වේවැලෙන් පහර කෑ කාන්තාවක් කරාපිටිය රෝහලේ



ශ‍්‍රී ලාංකික කාන්තාවක් සෞදි අරාබියේ නිවසක ගෘහ සේවිකාවක් ලෙස රැකියාව කරමින් සිටියදී එම නිවසේ හිමිකාරිය විසින් නිරුවත් කොට ජායාරූප ගෙන වේවැලකින් පහරදී තුවාල සිදුකර ඇතැයි වාර්තාවේ.
පසුව ශ‍්‍රී ලංකාවට පැමිනි එම කාන්තාව ප‍්‍රතිකාර සදහා කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ගාල්ල කටුගොඩ ලූණුවිල වත්තේ පදිංචි නූර් සවුරා රුවිනා නැමැති 45 හැවිරිදි  මෙම කාන්තාව 2011 නොවැම්බර් 14 වැනි දින කොළඹ  මරදාන රැකියා ඒජන්සි  ආයතනයක් මගින් සෞදි අරාබියේ රැකියාවකට පිටත්ව ඇත. එහිදී ඇයට එරට නිවසක ගෘහ සේවිකා රැකියාවක් ලබාදී තිබේ.

එම නිවසේ රැකියාව කරමින් සිටින විට නිවස හිමිකරුගේ බිරිද සහ ඇයගේ සහෝදරයකුගේ දියණියක් එක්වී ශ‍්‍රී ලාංකික කාන්තාව නිරුවත් කොට ජංගම දුරකතනයකින් ඇගේ නිරුවත ජායාරූප ගෙන තිබේ. ඊට පසුව නිවස හිමි කාන්තාවගේ සැමියාද ඇයට වේවැලකින් පහරදී ඇත. වේවැල් පහර කෑමෙන් පසුව ඇය එම නිවසින් පලාගොස් එරට පොලීසියට පැමිණිලි  කර තිබේ.

ඒ අනුව සෞදි අරාබි පොලීසිය මැදිහත් වී මෙම කාන්තාව ආපසු ශ‍්‍රී ලංකාවට එවා ඇත. කෙසේ වුවද මෙවන් ආකාරයේ සිදුවීම ගනනාවක් මෑතකාලයේ දිගින් දිගටම සිදුවුවද එ පිළිබදව විදිමත් මැදිහත් විමක් මෙතෙක් සිදුවි නොමැත. දින කිහිපයකට පෙර මෙරට කාන්ථාවන් පිරිසකට සෞදියේදි පහර දෙන ආකාරය දැක්වෙන විඩියෝවක් පවා ප්‍රසිද්ධ වුවද බලධාරින් ගේ ඇස් තවමත් ඇරි නැත. 

සත්‍ය නිවිස්
News Source - 01










0 comments:

Post a Comment