-

-
  • home
Home » » ජනතාව සහනාධාර මත යෑපෙන්නන් කිරීමට බැහැ

ජනතාව සහනාධාර මත යෑපෙන්නන් කිරීමට බැහැ



මේ රට සහනාධාර මත යෑපෙන්නන් සිටින රටක්‌ බවට පත් කිරීමට නොහැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.


විදුලිබල මණ්‌ඩලයත් රටත් ගොඩනැගීමට රජයකට ගත නොහැකි අසීරු තීරණයක්‌ මේ රජය ගත් බව ද ඊයේ (18 වැනිදා) නාරාහේන්පිට පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.



"හැම දේම නිකං දෙනකම් ජනතාව බලා සිටියා. මීට පස්‌සේ සහනාධාර දෙන්න බැහැ. රටක්‌ ගොඩනැගීමට අසීරු තීරණ ගන්න සිදුවෙනවා. ජනතාවට ස්‌වශක්‌තියෙන් ගොඩනැගීමට ශක්‌තිය ලබා දිය යුතුයි." යෑයි ද ඇමැතිවරයා කීය.



"හිතාමතා ජනතාව අසීරුතාවට පත් කිරීමට කිසිදු ආණ්‌ඩුවකට වුවමනාවක්‌ නැහැ. දිය හැකි උපරිම සහන දෙනවා. අපි මේ තීරණය ගත්තේ රටේ සුබ සිද්ධිය හා ජනතා යහපත දෙස බලලයි" යෑයි ද ඇමැතිවරයා කියා සිටියේය.


0 comments:

Post a Comment