-

-
  • home
Home » » ඉස්ලාමයට අගෞරව කලැයි බංග්ලාදේශ හැකරුන් ලංකාණ්ඩුවේ වෙබ් අඩවි 3ක් හැක්කරයි

ඉස්ලාමයට අගෞරව කලැයි බංග්ලාදේශ හැකරුන් ලංකාණ්ඩුවේ වෙබ් අඩවි 3ක් හැක්කරයි




ඉස්ලාම් ආගමට අගෞරව කළ බව පවසා ශ්‍රී ලංකා රජයට අයත් වෙබ් අඩවි 3ක් හැක් කළ බව බංග්ලාදේශ ග්‍රේ හැට් හැකර්ස් නැමැති ආයතනය පවසයි.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය (reprimin.gov.lk), ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වෙබ් අඩවිය (govtwhip.gov.lk) හා දැයට කිරුළ (deyatakirula.gov.lk) යන වෙබ් අඩවි 3 මෙලෙස හැක් කළ බව එම ආයතනය කියයි.

ඉස්ලාම් ආගමට අගෞරව කරන්නේ මන්ද? අප ඔබලාගේ ආගමට අපහාස නොකරන බවත් මෙය ශ්‍රී ලංකා රජයට සිදුකරන අවසන් අනතුරු ඇඟවීම බවත් ඔවුන් විසින් හැක් කළ වෙබ් අඩවි 3ට පිවිසි විට සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම වෙබ් අඩවි 3 මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.

News By Ada derana

0 comments:

Post a Comment