-

-
  • home
Home » » ජවිපෙ ඝාතන ගැනත් සොයන්න. - ජනාධිපති කොමිසම වෙත ඉල්ලීමක්.

ජවිපෙ ඝාතන ගැනත් සොයන්න. - ජනාධිපති කොමිසම වෙත ඉල්ලීමක්.

මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කෙරෙන ජනාධිපති කොමිසම, ජනතා විමුක්ති පෙරමුණ 88 - 89 කාලසීමාවේදී සිදුකළ ඝාතන සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. මෙම සමූහ මිනීවල පිළිබද පරීක්ෂණ පැවැත්වීම සඳහා කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක අද (07) කියා සිටියා. මෙම කොමිසම විශ‍්‍රාම ලත් විනිසුරුවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් පත් කෙරෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සදහන් කළේ. 


0 comments:

Post a Comment