-

-
  • home
Home » » මේජර්ට පහරදුන් ඇමති පුත්‍රයා ඇතුළු පිරිස නිදහස්

මේජර්ට පහරදුන් ඇමති පුත්‍රයා ඇතුළු පිරිස නිදහස්

හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා විසින් ඉවත දමනු ලැබී ය.

පසුගිය වසරේ සැප්තැම්බර් 08 වැනි දින හමුදා මේජර්වරයකුට පහරදුන් බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වු අවස්ථාවේදී මාලක සිල්වා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා පැවසූවේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම පිරිස නිදහස් කරන බවය‍.

නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා ඇති බැවින් ඔවුන් නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.

සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය

0 comments:

Post a Comment