-

-
  • home
Home » » වැඩිපුර මගීන් බුපටවන අර්ධ සුඛෝපභෝගී බස්වලට දඩ හා ධාවන අවලංගු කිරීම්

වැඩිපුර මගීන් බුපටවන අර්ධ සුඛෝපභෝගී බස්වලට දඩ හා ධාවන අවලංගු කිරීම්


අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ පහසුකම් ලබාගන්නා මගීන් අපහසුතාවට පත්කරමින්, නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන යන බස්රථවලට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.
අවුරුදු සමයේ විශේෂ බස්රථ සේවාව ක‍්‍රියාත්මක කරන කාලය අවසන් වූ පසු මෙම නීතිය ක‍්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා පැවැසීය.
මේ අනුව වැඩිපුර මගීන් 1 සිට 3 දක්වා රැගෙන බස්රථවලට පළමු අවස්ථාවේ දී රුපියල් 500ක දඩයකුත්, 1 සිට 6 දක්වා මගීන් රැගෙන යන බස්රථවලට රුපියල් 1500ක දඩ මුදලකුත් අයකර ගැනීමට කටයුතු කරන බව ද පැවැසීය.
මීට අමතරව 6 දෙනෙකුට වැඩිය මගීන් රැගෙන යන අවස්ථාවේ දී වැඩිවන සෑම මගියෙකුට රුපියල් 250 බැගින් දඩමුදල් අයකිරීමට කටයුතු කරන බව ද රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.

0 comments:

Post a Comment