-

-
  • home
Home » » තමිල්නාඩු චිත‍්‍රපට තහනම් නොකොලොත් බලාගෙනයි – රාවණ බලය

තමිල්නාඩු චිත‍්‍රපට තහනම් නොකොලොත් බලාගෙනයි – රාවණ බලය


ඉන්දීය තමින්නාඩු චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්නැයි රාවණා බලය සංවිධානය ඉල්ලා සිටී. එම චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් නොකළහොත් කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
එම සංවිධානය විසින් අද පෙරවරුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම සිදු කිරීම සඳහා ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණි සුමනසේකර මහතා මුණ ගැසුනු අවස්ථාවේ මෙම අදහස් පල කලහ.
එහිදී ගාමිණි සුමනසේකර මහතා පැවසුවේ අදාළ රාජකාරීය රජය විසින් සිදුකළ යුතු කරුණක් බැවින් තමාට ඒ ගැන පියවරක් ගත නොහැකි බවය.
මෙරට චිත්‍රපට ශාලාවල හිමිකරුවන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසූ අතර ඔවුන්ගෙන් ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණහොත් මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බවද අවධාරණය කලහ.


2 comments: