-

-
  • home
Home » » කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් ගෙන්වීමට සියල්ල සූදානම්.

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් ගෙන්වීමට සියල්ල සූදානම්.


උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද උණුසුම වර්ධනය වීමත් සමගම එහි සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් හදිසි අවස්ථාවකදී නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විධිමත් පූර්ව සැලැස්මක් සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ සඳහා රජය පියවර ගත යුතු බවයි එහි නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන කියා සිටියේ.

දකුණු කොරියාව තුළ යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් එහි සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් සුරක්ෂිතව මෙරටට ගෙන ඒම සඳහා සියල්ල සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට මීට අදාල උපදෙස්ද ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. අවදානමක් ඇතිවුවහොත් නැවත ලංකාවට ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ සහයෝගය ලබාගැනීමට ද අවශ්‍ය සාකච්ඡුා පවත්වා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, දකුණු කොරියාවේ සිටින සියලූම ශ‍්‍රී ලාංකිකයින් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ වහාම ලියාපදිංචි වන්නැයි දැනුම් දී තිබෙනවා. ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 20,000ත් 25,000 අතර සංඛ්‍යාවක් මේ වනවිට දකුණු කොරියාවේ සේවය කරනවා. වැඩිම පිරිසක් සේවය කරන්නේ දකුණු කොරියා දේශසීමා ආසන්නයේ පිහිටා ඇති අන්සාන්, උල්සාන්, ඉන්චොං, ෆූසෝන් සහ උජම්බු  යන ප‍්‍රදේශවලයි.



0 comments:

Post a Comment