-

-
  • home
Home » » මන්දමානසික දැරියක් දුෂණය කිරීමේ සිද්ධියෙන්, වැලිමඩ උණුසුම්

මන්දමානසික දැරියක් දුෂණය කිරීමේ සිද්ධියෙන්, වැලිමඩ උණුසුම්


නව හැවිරිදි මන්දමානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්‌කළ මුස්‌ලිම් ජාතිකයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වී ඇත.
මෙම දැරිය අපයෝජනයට ලක්‌කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ඇතැම් වෙළෙඳසල් ඊයේ (09 දා) වසා දමා තිබිණි.
මේ අතර කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවුවොත් එය මැඬපැවැත්වීම සඳහා වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යෙදවීමට කටයුතු කර ඇත.
මෙම මන්දමානසික දැරිය අපයෝජනයට ලක්‌ කළ මුස්‌ලිම් ජාතිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාර මුස්‌ලිම් ජාතිකයා බෝගහකුඹුර ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. මොහු කාලයක්‌ තිස්‌සේ මෙම මන්දමානසික දැරිය විවිධ ලිංගික ක්‍රියා සඳහා යොදවාගෙන තිබිණි.
දැරියගේ හැසිරීම් රටාව පිළිබඳව සැක පළ කළ ඇගේ මව මෙම දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබුණේ මීට දින කීපයකට උඩදීය.
එහිදී දැරිය තමන්ට සිදුවන අතවරයන් පිළිබඳව වෛද්‍යවරයාට පවසා ඇත. වෛද්‍යවරයා මේ පිළිබඳව පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.
බදුල්ල දිස්‌ත්‍රික්‌ වැඩබලන නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.


0 comments:

Post a Comment