-

-
  • home
Home » » පුද්ගලිකත්ව සීමා බිඳ දමා මුදල් ගෙවන පණිවුඩ ක්‍රමයක් ෆේස්බුක් හඳුන්වා දෙයි

පුද්ගලිකත්ව සීමා බිඳ දමා මුදල් ගෙවන පණිවුඩ ක්‍රමයක් ෆේස්බුක් හඳුන්වා දෙයි


සමාජ ජාලයක් ලෙස ඇති කීර්තිය යොදා ගනිමින් ෆේස්බුක් විසින් ඩොලර් එකක් ගෙවීමෙන්  ඕනෑම ෆේස්බුක් ගිණුමකට පණිවුඩයක් යැවිය හැකි ක‍්‍රමයක් හඳුන්වා දීමට යයි.
සම්බන්ධතාවක් නැති නොදන්නා පුද්ගලයන්ට පවා සීමාව ඉක්මවා යමින් පණිඩුඩ මෙමගින් යැවිය හැක. ප‍්‍රසිද්ධ පුද්ගලයන්ට වුවත් මෙසේ යැවීමේ හැකියාව ඇතත් ඒවා කියවීම ගැන ෆේස්බුක් සහතික නොවෙයි.  මෙම ගෙවන පණිවුඩ ක‍්‍රමය මාස කිහිපයක් තිස්සේ ජනප‍්‍රියතාව සහ වැරදිලෙස භාවිතා කෙරෙනු ඇත්දැයි යන්න සඳහා පරීක්ෂා කෙරෙනු ඇත. අනවශ්‍ය පුද්ගලයන්ගේ පණිවුඩ ඉවත් කිරීමේ හැකියාව මගහැරීමට මෙමගින් උත්සාහ කරන බව ෆේස්බුක් කියා ඇත.
පසුගිය මාසයේ වැඩ ආරම්භ කල මෙම නව ලක්ෂණය මගින් ෆේස්බුක් ප්‍රොෆයිලයක් සඳහා පණිවුඩ කවුළු දෙකක් සැකසෙන අතර එකක් පරිශිලකයාට නොපෙනෙයි. බොහෝ විට එය ඇති බවක්ද ඔහු නොදනියි. මුදල් ගෙවා යැවෙන පණිවුඩ මෙම නොපෙනෙන කවුළුව හරහා ප‍්‍රධාන කවුළුවට ලැබෙයි.
ඕනෑම අයෙකුට මෙසේ පණිවුඩ යැවිය හැකි වුවත් එහි මිල තීරණය වන්නේ පුද්ගලයාගේ ජනප‍්‍රිත්වය සහ සිටින ෆේස්බුක් මිතුරන් සංඛ්‍යාව ආදී දේවල් සැලකිල්ලට ගැනීමෙනි.
ෆේස්බුක් හි ප‍්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වැනි පුද්ගලයකුට මෙවැනි පණිවුඩයක් යැවීම සඳහා ඩොලර් 100ක පමණ මුදලක් වැය විය හැකිය.
මෙම පණිවුඩ යැවීමේ ලක්ෂණය තෝරාගත් ෆේස්බුක් ගිණූමි හිමියන් කිහිප දෙනෙකුට ලබා දෙන අතර වැරදි භාවිතය වැලැක්වීම සඳහා සතියකට එක් පණිවුඩයක් පමණක් යැවීමට සීමාකර ඇත.


0 comments:

Post a Comment