-

-
  • home
Home » » ජාතිවාදී SMS නිසා නුවර එළියේ සංචාරයකයන් අඩු වේ

ජාතිවාදී SMS නිසා නුවර එළියේ සංචාරයකයන් අඩු වේ


මේ මස 1 වැනි දා සිට නුවරඑළිය වසන්ත උදානය ආරම්භ වී ඇතත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසයි. සැණකෙලිය මේ මස 30 වැනිදා දක්වා පැවැත්වේ.
කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් නුවරඑළියට දේශීය හා විදේශීය සංචාරකයන්ට නො පැමිණෙන ලෙස යැවූ එස්. එම්. එස් පණිවුඩයක් මෙම සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවට හේතු වී ඇති බවට සැකකරන බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී එම්. ජේ. එල් ෆලීල් මහතා පවසයි.

        වෙනත් වසරවල මේ වන විට නුවරඑළියේ තිබෙන සියලූ ම සංචාරක නිකේතන හා ලැගුම්හල් වෙන් කරවා ගෙන ඇති අතර මේ වසරේ මේ තෙක් කිසිදු සංචාරක නිකේතනයක් හෝ ලැගුම්හල්වල වෙන්කර ගොස් නොමැතිවීමෙන් නගර සභාව දැඩි අර්බුදයකට පත් වී ඇති බව ද නාගරික මන්ත‍්‍රීවරයා පවසයි.

         වසන්ත උදානයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය සියලූ ම පහසුකම් හා ආරක්ෂාව සලසා දී ඇති බවත්, කිසිදු බියකින් තොර ව නුවරඑළියට  පැමිණෙන ලෙසත් නාගරික මන්ත‍්‍රීවරයා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී.

0 comments:

Post a Comment