-

-
  • home
Home » » ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩනයේ මුස්‌ලිම් උද්ඝෝෂණයක්‌

ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩනයේ මුස්‌ලිම් උද්ඝෝෂණයක්‌


ලන්ඩනයේ වෙසෙන මුස්‌ලිම් ජාතිකයෝ පිරිසක්‌ පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක්‌ සහභාගි වූ අතර එයට එකදු ශ්‍රී ලාංකික මුස්‌ලිම් අයෙකු හෝ සහභාගි නොවීම විශේෂත්වයක්‌ විය.

මෙම උද්ඝෝෂණයේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්‌ලිම් ජනයාට කරන තාඩන පීඩන නතර නොකළහොත් ඔවුන් ඒවාට පිළිතුරු දෙන්නේ ජිහාඩ් සංවිධානය හරහා බවයි. ශ්‍රී ලංකා රජය සාමයට කැමතිනම් තමන්ද සාකච්ඡා මාර්ගයට පිවිසීමට කැමැති යෑයි ඔවුහු පැවැසූහ.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ අබූ යූසුෆ් (Abu Yusuf) නැමැත්තා කියා සිටියේ බෞද්ධ ධර්මය අවිහිංසාවාදී වුවත් ශ්‍රී ලාංකික බෞද්ධයන් එහි වෙසෙන මුස්‌ලිම් ජනයාට හිරිහැර කරදර කරන බවයි.

මෙහිදී කතා කළ අබු ටල්හා (AbuTalha) නමැත්තා කියා සිටියේ මුස්‌ලිම් ජනයාට තාඩන පීඩන එල්ල වන විටදී එක්‌සත් ජාතීන්ගේ යෝජනා එනතුරු බලා නොසිටින බවත් ඔවුන් ආයුධ සන්නද්ධ වී නැගී සිටින බවත්ය.

මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් මුස්‌ලිම් ජනතාවට එරෙහිව නැගීසිටින රාජ්‍යයන් පිළිබඳ ලෝකයා දැනුවත් කළ හැකි බව පැවසූ අබු ටල්හා එවැනි රජයන් බලයෙන් පහ කරනතුරු සටන් කරන බවත් පැවැසීය.





"මේ උද්ඝෝෂණය සඳහා ලංකාවේ මුස්ලිම් කිසිකෙනෙක් සහබාගි උනේ නැ .එයට හේතුව තමා ලකාවේ මුස්ලිම් අය ඔක්කොම වගේ uk වල ඉන්නේ හොරෙන් .ඒගොල්ල ඔතෙන්ට ආවනම් අනිවාර්යෙන්ම home office එකෙන් ඔතෙන්ට ඇවිත් ඔක්කොම ලංකාවට පටවනවා.අපිත් බලාගෙන හිටියේ ලංකාවේ අය ඔතෙන්ට එනකම් .uk වල හොරෙන් ඉන්න ලංකාවේ අය කරන්නේ ඔක්කොම නීති විරෝදී වැඩ.මේගොල්ල ගොඩක් කරන්නේ හොර සහතික හදල visa දික්කරන අයට දීල මුදල් ගන්න එක.credit card වංචා.job හොයල දීල students ලාගෙන් මුදල් ගැනීම වගේ දේවල් ."

0 comments:

Post a Comment