-

-
  • home
Home » » මාතලේ සමූහ මිනීවළේ ශ‍්‍රීලනිප සාමාජිකයන් වළ දමලා

මාතලේ සමූහ මිනීවළේ ශ‍්‍රීලනිප සාමාජිකයන් වළ දමලා



එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ට එල්ල වූ බලපෑම මාතලේ රෝහල් භූමියෙන් හමු වූ සමූහ මිනීවළ තුළින් මනා ව පැහැදිලි වන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතා මාතලේ දී පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ ය.
1988 – 1989 කාල වකවානුවේ දී එක්සත් ජාතික පක්ෂ කෲර පාලනය විසින් ඝාතනය කළ ශ‍්‍රීලනිප නිදහස් පාක්ෂිකයන් මෙම ස්ථතානයේ වළ දමා ඇති බවට සාධක පවතින බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
‘ඒ සමයේ වද හිංසාවලට ලක් වී මරණයට පත් වුණු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සාධාරණය ඉටුවිය යුතුයි. එදා රාජ්‍ය ත‍්‍රස්තවාදය යොදා ගනිමින් මේ කටයුතු සිදුවුණේ. එදා මෙය වැපිරූ එක්සත් ජාතික පක්ෂයේ උදවියගේ පුතාලා එහෙ ම ඉන්නවා. ඒ උදවිය මේ ගැන දන්නවා. නීතිය අවනීතිය වෙලයි කටයුතු කළේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මෙහි ගණන් හිලව් හරියට කියනවා. ඒ අයත් දන්නවා මේ සම්බන්ධයෙන්’ යයිද ඒම හතා කියා සිටී.

0 comments:

Post a Comment