-

-
  • home
Home » » ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කියන්නේ බොරු - Hakeem

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කියන්නේ බොරු - Hakeem

එච්.එම්. අෂ්රොෆ් මහතා යුද සමයේ දී ශ‍්‍රී ලංකාවට ආයුධ කන්ටේනර් දෙකක් රැගෙන ආ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන චෝදනාව අෂ්රොෆ් මහතාට කරන අපහාසයක් බැවින් එම ප‍්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

එසේ ම එම චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටී.

බොදු බල සේනා සංවිධානය විසින් පසුගිය දා පානදුර නගරයේ දී පැවැත්වූ රැුස්වීමක දී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ දිවංගත එච්.එම්. අෂ්රොෆ් මහතා දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ මහතා යුද සමයේ දී ශ‍්‍රී ලංකාවට ආයුධ කන්ටේනර් දෙකක් ගෙන ආ බවත්, ඒවා මේ වන විට තිබෙන්නේ කොහේ ද කියාත් ඥානසාර හිමියන් එහි දී ප‍්‍රශ්න කර තිබිණි.

‘මේ චෝදනාව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ප‍්‍රතික්ෂේප කරන අතර දැඩි ලෙස හෙළා දකිනවා. අෂ්රොෆ් මහතා කියන්නේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ නායකයෙක්. 


සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය

2 comments:

  1. sri Lankawata bambuwak kara... Ashrof thamayi Warayata muslim ewunwa buruthu pitin patewuwe...

    ReplyDelete
  2. ashrop kara bambuwak, thambingen waraya purawala, eka padu pita padu labanawa. ashrop ge gane Singapore idan lankawa kanawa.

    ReplyDelete