-

-
  • home
Home » » ජේසුගේ උපතත් බොරැවක්ද ? - බයිබලයේ සදහන් අවුල් සහගත වාර්ථා

ජේසුගේ උපතත් බොරැවක්ද ? - බයිබලයේ සදහන් අවුල් සහගත වාර්ථා


නැවත උපන් සහ කිතු දහම ප්‍රචාරය කිරීමෙිහි නිරත කිතුනුවන් විසින් පුරසාරමි දොඩවමින් පවසන්නේ බයිබලයේ කිසිදු කිසිදු වැරදීමක් කිසිවෙකු විසින් සොයා ගෙන නොමැති බවයි. අපි මෙය නිතර අසා ඇත්තේ මුලධර්ම වාදි කිතුනුවන් කිසිසේත්ම තමන් නිවැරදි නොවෙි යන්න පිළිගැනීමට කැමති පිරිසක් නොවීම පිළිබදව ඇති අත්දැකීමි අනුවය. එමෙන්ම බයිබලය යනු දෙවියන් වහනසේගේ ආනුභාව සමිපන්න වචන බවද ඔවුන් ප්‍රකාශ කරනු අප නිතර අසා ඇත. ඔවුන් බයිබලය කොතරමි සැලකිල්ලෙන් කියවා ඇත්ද යන්න සලකා බැලීමෙිදි එවන් ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න දැන ගැනීම අසීරැය. 

       ජෙසුගේ උපත පිළිබදව බයිබලය පවසන දේ පිළිබදව විමර්නය කිරීමේදි පහත විසදීමට අපහසු ගැටලු අපටනමි මතුවේ. නමුත් එවන් ගැටලු කිතුනුවන්ට මතු නොවීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් විසින් නොදැක විශ්වාසකරන්නෝ භාග්‍යවන්තයෝය යන මුලාවට රැවටි ඇති හෙයිනි. මෙම උපත පිළිබදව එක් ස්ථානයක පවසනුයේ ළගදි සිදුවන ජේසුගේ උපත පිළිබදව එතුමාගේ පියා වන ජොෂප්ට සිහිනයෙන් දැන්වු බවයි. (මැතිවි 1:20) තවත් තැනකදි එම ප්‍රවෘත්තිය මව වන මේරි වෙත සුර දුතයෙකු විසින් දන්වා සිටි බවයි. (ලුක් 1:28) මෙ කථා දෙකෙන් සත්‍ය කුමක්ද? මෙ දෙනොටම ප්‍රවෘත්තිය ලැබුනු බව කිතුනුවන් විසින් පවසනු නොඅනුමානය. නමුත් එසේ නමි මතෙව් ගේ ශුභාරංචියේ දි දේව දුතයෙක් මේරිට පෙනි සිටි බව ප්‍රකාශ කරන්නට නොහැකි වුයේ මන්ද? ලුක් ගේ ශුභාරංචියේදි ජේෂප් ගේ සිහිනය පිළිබදව සදහන් කිරිමට නොහැකි වුයේ මන්ද? බිළිදා ඉපදිමට ප්‍රථම දෙමාපියන් ගමනක් ගිය බව එක් අවස්ථාවකදි පවසයි. (ලුක් 2:4-7) තවත් විටෙක පවසන්නේ බිළිදා ඉපදුන පසු ගමන ගිය බවයි. (මැතිව් 2:13-14) මෙම කථා දෙකින් කුමක් සත්‍යද ? ජෙසු තුමන් සත්‍ය වශයෙන්ම උපත ලැබුවා යැයි පවසන නැතට පැමිණෙන විට වඩා පරස්පරතාවයන්ට මුහුණ පාන්නට සිදුවන්නේය. ජේසු තුමන් උපන්නේ නිවසේද? නැතිනමි මඩුවේද? (ලුක් 2:7) එසේම ජෙසුගේ පෙළපත දෙස හැරෙන් විට තව තවත් අවුල් වේ. ජේසු ගේ පිය පාර්ශවයේ මුතුන් මිත්තන් පිළිබදව ලැයිස්තු දෙකක් අපවෙත ඇති අතර නමුත් මෙවායේ සදහන්ව ඇති නමි දෙස බලන විට පෙනි යන්නේ කිසිදු අනුරැපිතාවයක් නොමැතියි යන්නයි. ජෙසුගේ සීයා ගේ නම පිළිබදව ඔවුන් එකග වන්නේ නැත. එක් අයෙකු පවසන්නේ ඔහුගේ නම ජාකොබි (මැතිවි 1:16) යනුවෙනි. තවත් කෙනෙකු පවසන්නේ ඔහුගේ නම හේලි යන්නයි.(ලුක් 3:23) ඒ හැරත් ජේසු ගේ පිය පාර්ශවයේ මුතුන් මිත්තන් පිළිබදව කථා කිරිමත් ජේසු දාවිත් රජුගේ ඥාතියෙකු ලෙස සදහන් කිරීමත් විහිලුවකි. (මැතිවි 1:1) එනමි ජෙසු තුමන්ගේ සැබැ පියා ජෝෂප් නොව දෙවියන්වහනසේ යැයි පිළිගන්නා බැවිනි.  

     මෙතරමි පැහැදිලි පරස්පරවිරෝධි කරැණු බයිබලයේ ඇතුලත් වන්නා විට කිතුනුවන් විසින් නොදැකි විශ්වාස කරන්නෝ භාග්‍ය වන්තයෝය යැයි පවසන්නේ නිවැරදි විමර්ශණයක් සිදු කළහොත් තවතවත් පරස්පර විරෝධි අදහස් එමගින් මතුවන බැවින්ද විය හැකිය. කෙසේ වුවද කිතුනුවන් මෙ කිසිවක් නොදැන සිටින්නේද ඔවුන් විසින් කිසිම අවස්ථාවක බයිබලය එක් වරක් හෝ කියවා අවබෝධ කරගෙන නොමැති නිසා බවනමි පැහැදිලිය. මන්ද යත් නුවන වඩා බැලුවානමි මෙම පරස්පරතා ඔවුන්ටද පෙනිය යුතු නිසාය. එබැවින් නොදැක විශ්වාස කරන්නෝ භාග්‍ය වන්තයෝය යන වදනේ අරැත මෙයද ?

සත්‍ය ගවේශණ
By Beyond Belief


1 comments:

  1. You said: "බිළිදා ඉපදිමට ප්‍රථම දෙමාපියන් ගමනක් ගිය බව එක් අවස්ථාවකදි පවසයි. (ලුක් 2:4-7) තවත් විටෙක පවසන්නේ බිළිදා ඉපදුන පසු ගමන ගිය බවයි. (මැතිව් 2:13-14) මෙම කථා දෙකින් කුමක් සත්‍යද ?"

    Jesus born in Bethlehem; Read Luke 2:4-7 (your reference) and Matthew 2:1 /

    ලුක් 2:4-7>>
    4 So Joseph also went up from the town of Nazareth in Galilee to Judea, to *"Bethlehem"* the town of David, because he belonged to the house and line of David. 5 He went there to register with Mary, who was pledged to be married to him and was expecting a child. 6 While they were there, the time came for the baby to be born, 7 and she gave birth to her firstborn, a son.

    Matthew 2:1>>
    After Jesus was born in *"Bethlehem"* in Judea, during the time of King Herod, Magi[a] from the east came to Jerusalem.
    Your reference (මැතිව් 2:13-14) tells after his birth in Bethlehem.

    සත්‍ය ගවේශණ Baby කිසිම අවස්ථාවක බයිබලය එක් වරක් හෝ කියවා අවබෝධ කරගෙන නොමැති බවනමි පැහැදිලිය.

    ReplyDelete