-

-
  • home
Home » » රජරටින් ලේ රැගෙන ගිය එන්.ජි. ඕ. ගැන පරීක්ෂණ ඇරඹේ.

රජරටින් ලේ රැගෙන ගිය එන්.ජි. ඕ. ගැන පරීක්ෂණ ඇරඹේ.

රාජ්‍ය නොවන සංවිධාන යැයි කියා ගන්නා පිරිසක් රජරට වකුගඩු රෝගීන්ගෙන් රුධිර සහ මුත‍්‍රා සාම්පල ගෙන යාමේ සිද්ධිය පිළිබද වහාම පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (09) ප‍්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේ. 

රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ හෙට දිනයේයි. එවැනි වාතාවරණයක් යටතේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ට කිසිසේත්ම අදාළ නොවන රුධිර සහ මුත‍්‍රා පරීක්ෂා සිදුකිරීම ගැටළුසහගත තත්ත්වයක් බවයි මැදවච්චිය ප‍්‍රදේශවාසීන් මේ පිළිබදව අදහස් දැක්වීමෙන් පවසන්නේ. 

1 comments: