-

-
  • home
Home » » උතුරු කොරියාව සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමටත් සැරසේ.

උතුරු කොරියාව සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමටත් සැරසේ.



උතුරු කොරියාව විසින් සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමද සිදුකිරීමට නියමිත බව දකුණු කොරියාව පවසනවා. චන්ද්‍රිකා ඡායාරූප මගින් ඒ පිළිබඳ නිරීක්ෂණය වූ බවයි දකුණු කොරියාව පවසන්නේ. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ අපේ‍්‍රල් 10 වැනිදා වනවිට එම න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන බවයි.


පසුගියදා උතුරු කොරියාව විසින් තුන්වන න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකළ අවස්ථාවේ පැවති වාතාවරණයම මෙවරද නිරීක්ෂණය වන බව දකුණු කොරියාව වැඩිදුරටත් පවසනවා. කොරියානු අර්ද්ධවීපයේ යුද උණුසුම ඉහළ ගොස් ඇති මොහොතක උතුරු කොරියාව සිදුකරන මෙම න්‍යෂ්ටික අත්හදාබැලීම ඉතා තීරණාත්මක වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් දකුණු කොරියාව පවසන්නේ පවතින තත්්තවය පිළිබඳව තමන් තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බවයි.


0 comments:

Post a Comment