-

-
  • home
Home » » මත්තල කුරුල්ලන් එලවන්න දිය කඩිති වසති, ආහාර පැලෑටි ගලවති, රතිඤ්ඤා පුපුරුවති

මත්තල කුරුල්ලන් එලවන්න දිය කඩිති වසති, ආහාර පැලෑටි ගලවති, රතිඤ්ඤා පුපුරුවති



මත්තල රාජපක්‍ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඇතුළු වීමේදී සහ පිටවීමේදී ප‍්‍රශ්ණය් වී පවතින කුරුල්ලන් සහ සෙසු වනජීවීන් එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් තොටුපල වටා පිහිටි දිය කඩිති වසා දැමීමට සහ සතුන් විසින් ආහාරයට ගනු ලබන තණකොළ වල් පැළෑටි සහ ඇට වර්ග ආදිය ඉවත් කිරීමට සිවිල් ගුවන් ගමන් අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
ඊට අමතරව ගුවන් යානයක් පිටවීමට හෝ ළඟාවීමට කලින් කුරුල්ලන් හා සෙසු සතුන් බියගැන්වීම සඳහා අලෝක වෙඩි හා රතිඤ්ඤා දැල්වීමටද පියවර ගෙන තිබේ.
ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ මෙය මත්තල රාජපක්‍ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී ක්‍රියා සැලැස්මක කොටසකි.
කෙසේ වෙතත් කුරුල්ලන්ට වෙඩි තැබීමේ කිසිදු සැලැස්මක් නැති බවත් ඊට හේතුව එය පාරිසරික විරෝධී ක්‍රියාදාමයක් වීම බවත් ඔවුහු අවධාරණය කරති.

1 comments: