-

-
  • home
Home » » කාසල් රෝහලේ මව්වරු 10කට ඉන්ෆ්ලුවෙන්සා ඒ‍ ආසාදනය වෙති ?

කාසල් රෝහලේ මව්වරු 10කට ඉන්ෆ්ලුවෙන්සා ඒ‍ ආසාදනය වෙති ?



කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙහි ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය අසාදිත බවට සැකකෙරෙන මව්වරුන් දස දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පැවසුවේ, එම මව්වරු දසදෙනා අනෙක් මව්වරුන්ගෙන් වෙන්කර තබා ඇති බවය.
‍මේ වන විට එක් මවක් රෝහලේ විශේෂ ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින්නී ය.
ඇයගේ  තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය.
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය මේ වන විට තාවකාලිකව වසා දමා ඇති  බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
රෝගය හේතුවෙන් මේ වන විට මව්වරුන් දෙදෙනෙකු  මිය ගොස් ඇත.

0 comments:

Post a Comment