-

-
  • home
Home » » අකුණු සමග වැසි ලකුණු පහළ වේ

අකුණු සමග වැසි ලකුණු පහළ වේ



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්‌ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


මේ දිනවල පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය යටතේ බස්‌නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත්වලට දවසේ ඕනෑම අවස්‌ථාවක අකුණු අනතුරු ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ මහතා "දිවයින"ට පැවසීය.



සවස්‌ කාලයේ අඳුරු වැහි වලාකුළු පවතින අවස්‌ථාවලදී වැසි නොමැති ව වුව ද අකුණු ඇති විය හැකි බැවින් එවැනි අවස්‌ථාවලදී විදුලි උපකරණ, ලෝහමය උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, එළිමහන් ස්‌ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.



මේ වසර ආරම්භයේ සිට මේ දක්‌වා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු මියගොස්‌ තිබේ.

0 comments:

Post a Comment