-

-
  • home
Home » » අලුත් කොටි නායකයෙක් මතු වෙයි

අලුත් කොටි නායකයෙක් මතු වෙයි



වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් පසුව රහසිගතව එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවනු ලබන ජේ‍යෂ්ඨතම එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ අන්තර්ජාතික පොලිසිය සමඟ ඉන්දුනීසියාවේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගෙන් පසුව දැනට ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජේ‍යෂ්ඨතම සාමාජිකයා වන්නේ මොහු බව බුද්ධි අංශ හඳුනාගෙන ඇත. සංවිධානයේ සීලන් යන නමින් හැඳින්වෙන මොහු විදේශ ගමන් බලපත්‍ර දහයකින් පමණ පෙනී සිටින බවද බුද්ධි අංශ හෙළිදරව් කරගෙන තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අන්තර්ජාතික මට්ටමේ නායකයකු වන සීලන් එහි අන්තර්ජාතික ආයුධ, මුදල් සහ බුද්ධි අංශයේ දෙවැනියා ලෙසද කටයුතු කළ අයෙකි.
මීට අමතරව එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශය වූ ටොසී බුද්ධි සේවයේ ප්‍රධානී පොට්ටු අම්මාන්ගේ සමීපතමයකු ලෙසද සීලන් කටයුතු කර ඇත.


2009 මැයි 18දා ප්‍රභාකරන් ඝාතනයෙන් පසුව අන්තර්ජාතිකව එල්.ටී.ටී.ඊ.ය මෙහෙයවනු ලබන්නේ නෙදියවන් ලෙස ආරක්ෂක අංශ සැක කළද මේ වන විට බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇති ආකාරයට නෙදියවන් ප්‍රසිද්ධියේ පෙනී සිටියද සියලු අණදීම් සහ සැලැසුම් සකස් කර ඇත්තේ සීලන් විසින්ය.

0 comments:

Post a Comment