-

-
  • home
Home » » දුමින්ද සිල්වා හාස්කමකින් සුවය ලැබූ බව හිරු නිවුස් හෙළි කරයි

දුමින්ද සිල්වා හාස්කමකින් සුවය ලැබූ බව හිරු නිවුස් හෙළි කරයි



පෙරේදා වනවිට හිසේ සියයට හතළිහක් අඩපණව ඇතැයි උසාවියේදී නීතීඥයින් විසින් ප්‍රසිද්ධ කළ දුමින්ද සිල්වාගේ රෝගී තත්වය අද වන විට හාස්කමකින් සුවය ලබා ඇතැයි දුමින්දගේ සොයුරාට අයත් හිරු මාධ්‍යය එස්.එම්.එස්. ඇලර්ට් එකකින් දන්වා තිඛෙනවා.
සිංග්‍රීසියෙන් සටහන්ව තිබුණ එහි දැක්වුනේ,

Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva hetaPerawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai

(හාස්කමකින් සුවය ලැබු පාර්ලිමේන්තු මන්තී්‍ර ආර්. දුමින්ද සිල්වා හෙට පෙ.ව. 11.15ට නවලෝක රෝහලෙන් පිටත්ව යයි)
යනුවෙනි.

අද දහවල් දුමින්ද සිල්වා නවලෝක රෝහලේදී තමාට ලැබුණ ඇපයට අදාළ ලියකියවිලි වලට අත්සන් කළ අතර ඒ සඳහා ඔහු සිටින කාමරයට ඔහුගේ නීතීඥයින් ගොස් නැවත එළියට ආවත් මාධ්‍යයට එම අවස්ථා වාර්තා කිරීමට ඉඩ ලැබුනේ නැත.

ඉහත සඳහන් එස්.එම්.එස් පණිවිඩයට අනුව හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා හෙට රෝහලෙන් පිටවනු ඇතැයිද දැන් එක්වරම සුවය ලැබූ නිසා උදෑසන මාධ්‍ය හමුවේ පෙනී සිටිනු ඇතැයිද සැක කෙරෙනවා.
ඔහුට ඇප ඉල්ලා සිටියේ අඩපණවූ මනසට පුනරුත්ථාපන උවමනාවට බවට නීතීඥවරුන් පෙරේදා කියා සිටි නමුත් ඇප ලැබී පැය ගණනක් ඇතුළත ඔහු සුවයට පත්වීම සැබෑම හාස්කමකි.

0 comments:

Post a Comment