-

-
  • home
Home » » දෙවැනි ප්‍රභාකරන් කොටි කතක් සමග අනඟ රැඟුම්

දෙවැනි ප්‍රභාකරන් කොටි කතක් සමග අනඟ රැඟුම්


තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ සිහිනය දකින දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්‍ෂ සීමන් "කොටි උන්මාදය" නම් මනෝවිකාරයෙන් පෙළෙන බව සනාථ කෙරෙන තවත් කතාවක් හෙළිදරව් වී තිබේ.


මෙවර සීමන් ආසක්තව ඇත්තේ කොටි උදවුකාරියකගේ උරහිස පිටුපස කොටා ඇති කොටි ලාංඡනයකටය. කරුණු හෙළිදරව් වන ආකාරයට සීමන්ගේ හද බැඳ ගත් මෙම කොටි කත වාසය කරන්නේ මැලේසියාවේය. යට ඇඳුම් පමණක් සහිතව ඇය මැලේසියාවේ සිය නිදන කාමරයේ සිට දකුණු ඉන්දියාවේ සිටින සීමන් සමඟ අන්තර්ජාලය හරහා ආදර බස් තෙපළන ආකාරය දිස්වන ඡායාරූප ගණනාවක් පසුගියදා ණචටටදචජදද.ජධථ වෙබ් අඩවියේ පළ විය.
21093_2.jpg

සොඳුරු බව කෙසේ වෙතත් අඩ නිරුවත සමඟ අවධානයට පාත්‍ර වන මෙම ඡායාරූප මඟින් ඇයගේ උරහිස පිටුපස කොටා ඇති කොටි ලාංඡනය මනාව ග්‍රහණය කොට ගෙන තිබේ. එපමණක් නොව නිදන කාමරයේ බිත්තිය මතද කොටි ලාංඡනයකි. තවත් තැනක "සිහින ඊළම" හැරදා මරු තුරුලට ගිය ප්‍රභාකරන්ගේ රුවකි.
ණචටටදචජදද.ජධථ වෙබ් අඩවිය සීමන්ගේ නවතම අනඟ නාටකය ගැන සාක්කි දරන ඡායාරූප ගොන්න පළ කරමින් ප්‍රශ්න කොට ඇත්තේ "දෙමළ ඊළාම් රාජ්‍යය යනුවෙන් සීමන් අදහස් කරන්නේ කුමක්ද?" යන්නය.


කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී කිහිපවරක්ම ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය සිහිනය සමඟ ගැටගැසුණු සීමන් දකුණු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනයට අමතරව 'ඊළම' වෙනුවෙන් පෙනී සිටින්නකුද විය. 'අපි දෙමළ' නම් ව්‍යාපාරයට නායකත්වය සැපයූ සීමන් තමිල්නාඩුව තුළ 'පුංචි ප්‍රභාකරන් කෙනකුගේ චරිතයට පණ පොවන්නට පටන් ගත්තේය. ඊළාම් සිහිනය බිඳ වැටී කොටි නායක ප්‍රභාකරන් මරු තුරුලට ගිය පසු මේ ''පුංචි ප්‍රභාකරන්"ට කොටි නායකයාගේ හිස් වූ තැනට එන්නට ‍ෙදාළක් පහළ නොවූවා යැයි කීමට කිසිවකුට නොහැකිය.


''ඊළාම් සිහිනය" සමඟ ගැටගැසෙමින් කොටි ව්‍යාපාරය සමඟ සබඳතාව වඩා තර කිරීමට සීමන් නිබඳව මං සෙවීය.
එහෙත් "ඊළාම් සිහින" මාවතේ ගමන් කිරීමට තමිල්නාඩුවේ 'පුංචි ප්‍රභාකරන්' යොදා ගන්නේ යාපනයේ 'කොටි නායක ප්‍රභාකරන්' යොදාගත් ක්‍රමවේදයන්ම නොවේ. ඔහු ඊළාම් ගමන ගොඩයන්නට සොයා ගෙන ඇත්තේ අපූරු කෙටි ක්‍රමවේදයකි. ඒ කොටි සංවිධානය සමඟ සබඳතා ඇති ගැහැනුන් හරහා කොටි හිතවාදයේ ගැඹුරු නිල අල්වා ගැනීමය. ඒ තුළින් තමා තදබල කොටි හිතවාදියකු බවට ලෝකයා ඉදිරියේ ලේබල් ගසා ගැනීමය. කොටින්ම කියනවා නම් 'පුංචි ප්‍රභාකරන්' යන නාමය තහවුරු කර ගැනීමටය.


කොටි ගැහැනුන්ගේ කරේ එල්ලී යන සීමන්ගේ මුල් පියවර තරමක් හෝ ඔහුගේ අරමුණ කෙරෙහි සාධනීය විය හැක්කේ ඒ තුළ වූ මානව හිතවාදී මෙන්ම සිනමාරූපී කතා ස්වභාවය හේතුවෙනි.
සීමන්ගේ මෙම පළමු කතාව ඇරැඹෙන්නේ කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී සිදුවූ ශ්‍රී ලංකා සංචාරයකදීය. එහිදී කොටි යුද පුහුණුවක් නරඹන ඔහු සිනමා අධ්‍යයන වැඩමුළුවකට සහභාගිව සිටි සෙබළියක කෙරෙහි හිත බැඳී යෑම නිසාවෙන් තමා යාපනයේ කොටි සංවිධානයේ කාන්තාවක විවාහ කර ගැනීමට කැමැති බව කොටි නායකයන්ට පවසයි.
21093_3.jpg

ඒ අවස්ථාවේදී කොටි සංවිධානයේ ප්‍රවීණ සාමාජිකාවක සීමන්ගේ හිත ගත් තරුණ කොටි කතට එකී විවාහ යෝජනාව ඉදිරිපත් කරයි. එහෙත් එකී තරුණ කොටි කත සිය හිත වෙනතක බැඳි ඇති බැවින් සීමන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි. ඇත්තටම ඇය එම අවස්ථාවේදී කොටි වෛද්‍ය අංශයේ සේවය කරන සොල්දාදුවකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යෑම සීමන්ගේ යෝජනාව ඉවත දැමීමට හේතු වෙයි.


ඉන් අපේක්‍ෂා භංගත්වයට පත්වූ සීමන් පෙරළා දකුණු ඉන්දියාවට යයි. එහෙත් තරුණ කොටි සෙබළියට විවාහ වීමට සිදුවූයේද ඇයගේ සිත් ගත් සෙබළා සමඟ නොවේ. ඇය කෙරෙහි ඇස් යොමා ගෙන සිටි කොටි ලුතිනන් කර්නල්වරයකු වූ සවුන්ද ක්‍රිෂ්ණන් නොහොත් අන්බුමනී අවසානයේදී ඔහුගේ නිල තත්ත්වය හා බලය මත ඇය සිය බිරිය කර ගනී.


සවුන්ද ක්‍රිෂ්ණන් නොහොත් කොටි ලුතිනන් කර්නල් අන්බුමනී ඇලෙක්ස් නමින්ද හැඳින්වුණු අතර ඔහු කොටි දේශපාලන අංශ ප්‍රධානියාව සිටි තමිල් සෙල්වම්ගේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සහායකයා විය. එසේම ඇලෙක්ස් පුහුණු ඡායාරූප ශිල්පියකුද විය. ඔහු අතගත් කොටි සෙබළිය වන්නියේ රූපවාහිනී හා ගුවන්විදුලි ශිල්පිනියක ලෙස සේවය කළාය.


ගුවන් හමුදාව මඟින් කොටි කඳවුරුවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේදී තමිල් සෙල්වම් 2007.11.02 දින ඝාතනය වූයේ ඔහු සිටි රහස් කඳවුර තුළදීමය. එදින තමිල් සෙල්වම් සමග කොටි ලුතිනන් කර්නල් අන්බුමනී නොහොත් ඇලෙක්ස්ද අවසන් ගමන් ගියේය.


ඇලෙක්ස්ගේ මරණින් පසුවද මේ කොටි සෙබළිය කොටි සංවිධානය සමඟ මෙන්ම රූපවාහිනී ගුවන් විදුලි ශිල්පිනියක ලෙසද දිගටම කටයුතු කළත් 2009 මැයි මාසයේදී කොටි ත්‍රස්තවාදය පරදා ශ්‍රී ලංකා රජයේ යුද ජයග්‍රහණය ලැබීමත් සමග හමුදාවට භාර වූවාය.
එතැන් සිට හමුදා භාරයේ සිටි ඇය පිළිබඳ හා ඇය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම ඇසූ සීමන් ඇයගේ දුකට පිහිට වන්නට ඉදිරිපත් වූයේ දෙවතාවක් නොහිතමිනි. යහමින් මුදල් වියහියදම් කරමින් අවශ්‍ය තැන්හි සමහර දෙනාට අල්ලස් පවා ලබාදෙමින් ඇයව ඉන්දියාවට රැගෙන යෑමට සීමන් අවසානයේදී සමත් වූයේය.

21093_4.jpg
ඇයට ඉන්දියාවේ ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන් සීමන් මීට දෙවසරකට පමණ ඉහතදී ඇයව විවාහ කර ගත්තේය.
කොටි ලුතිනන් කර්නල්වරයකුට බිරියව සිටි වැන්දඹු වූ කොටි සංවිධානයේ ක්‍රියාකාරිනියක විවාහ කරගෙන සිය මානුෂිකත්වය මෙන්ම කොටි පක්‍ෂපාතීත්වයද එක විට පෙන්වීමට සීමන් සමත් විය.


එහෙත් එකී විවාහයෙන් අනතුරුවද මැලේසියාවේ ජීවත් වන කොටි ක්‍රියාකාරිනියක හා අනියම් පෙමක පැටලීමෙන් සිනමා අධ්‍යක්‍ෂවරයකු හා නළුවකු වන සීමන් ප්‍රදර්ශනය කරන්නේ කවර නම් වූ කොටි හිතවාදයක්දැයි කොටි හිතවාදීන්ම ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ.


සීමන් හා මැලේසියානු කොටි ක්‍රියාකාරිනියක අතර ඇති අනියම් ප්‍රේමය පිළිබඳ පුවත ප්‍රචාරය කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ සිට කොටි සම්බන්ධීකරණ කටයුතුවල යෙදෙන්නෙකැයි කියැවේ. මෙම ස්විට්සර්ලන්ත කොටි සංවිධායකවරයා කුමන හෝ හේතුවක් මත සීමන්ගේ නවතම කොටි සුරතලියගේ ඡායාරුප සමූහයක් හා සීමන් සමඟ ඇයගේ ඇති පෙම් පලහිලව්ව ගැන කතා පුවත ඔහුගේ වෙබ් අඩවියේ පළකොට තිබෙන බව ණචටටදචජදද.ජධථ වෙබ් අඩවිය සඳහන් කරයි.
21093_6.jpg

තමා කරන සියලු කටයුතු ප්‍රභාකරන්ගේ ආශීර්වාදය ඇතිව කරන බවට කයිවාරු ගසන 'පුංචි ප්‍රභාකරන්' වීමට දඟලන සීමන්ගේ මෙම අසම්මත පෙමට ප්‍රභාකරන් එලොව සිට ආශීර්වාද කර ඇත්දැයි දන්නේ දෙවියන් පමණකි.


කෙසේ වුවද මැලේසියානු කොටි ක්‍රියාකාරිනියක හා අසම්මත පෙමක් ඇතිකර ගැනීමට සීමන් පෙළැඹවූ සාධක අතරට ඇයගේ මවුපියන් යාපනයේදී උපන් දෙමළ ජාතිකයන් වීම මෙන්ම ඇයගේ උරහිසේ පිටුපස සමේ කොටා ඇති කොටි ලාංඡනයද වේ යැයි කෙනකුට සිතිය හැකිය.


රු කාරියවසම්

0 comments:

Post a Comment