-

-
  • home
Home » » ජීවයට හිතකර ග‍්‍රහලෝක දෙකක් සොයා ගනී

ජීවයට හිතකර ග‍්‍රහලෝක දෙකක් සොයා ගනී



කෙප්ලර් දුරේක්ෂය භාවිතා කොට පෘථිවියෙන් එපිට ජීවය පැවතිය හැකි යැයි අනුමාන කල හැකි ග‍්‍රහ ලෝක තුනක් සොයා ගෙන ඇතැයි නාසා ආයතනය විසින් ප‍්‍රකාශ කර ඇත.

පාෂාන සහිත මතුපිටක් ඇති කෙප්ලර් 62f ලෙස නම් කර ඇති ග‍්‍රහ ලෝකය පෘතුවිය මෙන් 1.4 ගුණයක් විශාල වන අතර සූර්යාට වඩා දීප්තිය අඩු තරුවක් වටා පරිභ‍්‍රමණය වන බව සොයා ගෙන ඇත. එයට යාබද කෙප්ලර් 62e ග‍්‍රහ ලෝකය පෘතුවිය මෙන් 1.6 ගුණයක් විශාල බවත් එම ග‍්‍රහ ලොක යුගලයම ජීවයට හිතකර තත්වයන් මත ඇත.
තුන්වන ග‍්‍රහ ලොව වන කෙප්ලර් 69c පෘතුවිය මෙන් 1.7 ගුණයක් විශාල වන අතර දැනට සොයාගෙන ඇති ජීවයට වඩාත් හිතකර සාධක ඇති බවට ග‍්‍රහ ලොකය බවත් තහවුරු වී ඇත. මෙම ග‍්‍රහ ලෝකය තරු රටාවේ සිට ආලෝක වර්ෂ 2700 ක් පමණ දුරින් පිහිටා ඇත.

කෙප්ලර් 62 නම් පද්ධතිය තුල ජීවයට හිතකර සාධක ඇති වෙතැයි අනුමාන කල හැකි තවත් ග‍්‍රහ ලෝක පහක් ද කෙප්ලර් 69 පද්ධතියේ එවැනි ග‍්‍රහ ලෝක දෙකක් ද සොයාගෙන ඇත.

0 comments:

Post a Comment