-

-
  • home
Home » » මොන උද්ඝෝෂණ කළත් විදුලි බිල අඩු කිරීමට බැහැ - කෙහෙළිය

මොන උද්ඝෝෂණ කළත් විදුලි බිල අඩු කිරීමට බැහැ - කෙහෙළිය




මොන උද්ඝෝෂණ, විරෝධතා කළත් ලබන ජනවාරි තෙක්‌ විදුලිය බිල අඩු කළ නොහැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.


විදුලි බල අර්බුදය විසඳීමට ආණ්‌ඩුව සැලසුම් සකස්‌ කර ඇතැයිද නොරොච්චෝලේ දෙවන හා තෙවන අදියරයන් ඉදිකර අවසන් වීමෙන් පසුව ලබන වසරේදී විදුලි බිල අඩු කළ හැකි බවද ඊයේ (24 වැනිදා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.



එජාප ආණ්‌ඩුවට 1993 ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු මුදල් ආධාර දෙන ආයතන ජල විදුලි නිෂ්පාදනයෙන් ඉවත් විය යුතු බවටත් එසේ නොවුණහොත් කිසිම ණයක්‌ ලබා නොදෙන බවට කොන්දේසි පනවා ඇති බවත් ඒ කොන්දේසිවලට අනුව ඉන්ධන ගැලපුම් ගාස්‌තුව වසර 25 ක්‌ අය කිරීම ඇතුළු ගිවිසුම් රැසකට එදා ආණ්‌ඩුව අත්සන් කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.



එම ගිවිසුම් මේ වන විට අවසන් වෙමින් පවතින නිසා යළිත් එවැනි කොන්දේසිවලට යට නොවී විදුලිබල මණ්‌ඩලය ආරක්‌ෂා කර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

0 comments:

Post a Comment