-

-
  • home
Home » » මුස්ලිම් දඩයම ආරම්භ කලොත් ප‍්‍රතිඵල දරුණුයි – අසාද් සාලි

මුස්ලිම් දඩයම ආරම්භ කලොත් ප‍්‍රතිඵල දරුණුයි – අසාද් සාලි



ජාතික සමඟි පෙරමුණේ මහලේකම් අසාද් සාලි අවධාරණය කර කියා සිටින්නේ මුස්ලිම් දඩයම ආරම්භ වුවහොත් දමිළ දඩයමට වඩා හාත්පසින් වෙනස් දරුණු ප‍්‍රතිඵල අත්විය හැකි බවයි.

දමිල දඩයම අවසන් වූ සැනින් අනවශ්‍ය ප‍්‍රශ්න මුස්ලිම් ජනතාව පිට පටවා, මුස්ලිම් දඩයම ආරම්භ කිරීමට සූදානම් නො වන ලෙසත්, අල්කයිඩා, ජිහාඞ් වැනි සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ නොමැති බවත් ඒ මහතා සඳහන් කරයි.
මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් ජනතාවගේ දේපළවලට හා මුස්ලිම් පල්ලිවලට පහරදීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු සලස්වමින් සිටින බවයි.

‘මුස්ලිම් අන්තවාදී කල්ලි කියා බොදුබල සේනාව චෝදනා එල්ල කරමින් සිටිනවා. අපි රජයටත් බොදුබල සේනාවටත් අවධාරණය කරන්නේ මේ රටේ නීතියක් තියෙනවා. අධිකරණයක් තියෙනවා. ආරක්ෂක අංශ තියෙනවා. අවශ්‍ය පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නා ලෙසයි. බොදුබල සේනාව මඟින් සංවිධානාත්මකව මුස්ලිම් ජනතාවට සහ මුස්ලිම් පල්ලිවලට පහරදීම් ගැන අපිට සාක්ෂි තියෙනවා. මේවා ඉදිරිපත් කරමින් ඊට එරෙහි ව නීතිමය පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා’ යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

------------------------------------------------------------------------------------------------------------------------------

මෙසේ තර්ජනය කරන්නට අසාද් ආලි යනු කවුරැන්ද යන්න මුලින් මතක තබා ගැනීම හොදයැයි කිව යුතුය. ලංකාව තුලදි විනාශ වන්නේ මුසල්මානුවන් විසින් ආක්‍රමණය කරන බෞද්ධ සිද්ධස්ථාන බවද පෙන්වා දිම වටි. කූරගල , මුහුදු මහා විහාරය යනු මුසල්මානු ආක්‍රමණ වලට දැඩිව හසුවි ඇති බෞද්ධ සිද්ධස්ථානයි. මේ වන විට සිංහලයාගේ අවදීවීම හමුවේ කර කියා ගත දෙයක් නොමැතිව සිටින අසාද් සාලි  මේ පවසන්නේ තවත් ජිහාඩය ගැනද ? ලෙකේ දරැණුතම ත්‍රස්ථවාදය පරාජය කර ලංකාවට ජිහාඩි වැනි මුසල්මානු කල්ලි කිරි කජු බවද මතක කිරීමක් කර දී යුතුව ඇත. සැබැවින් ඉටු නොවන සිහින දකින්නට අසාද් සාලිට අපි තවත් ඔනෑ තරමි ඉඩ ලබා දෙමු. 

සත්‍ය නිවිස්....

0 comments:

Post a Comment