-

-
  • home
Home » » රතු වැස්ස ගැන පේරාදෙණිය සමඟ වාදයකට සූදානම් – චන්ද්‍රා වික‍්‍රමසිංහ

රතු වැස්ස ගැන පේරාදෙණිය සමඟ වාදයකට සූදානම් – චන්ද්‍රා වික‍්‍රමසිංහ




පසුගිය දෙසැම්බරයේදී අරලගංවිල, කුඩාවැවට  වැටුණු උල්කාෂ්ම සහ එම ප‍්‍රදේශයේ පතිත වූ රතු වැස්ස අතර සම්බන්ධයක් පවතින බවත් රතුවැස්සේ ෙසෙල සහ උල්කාෂ්මයේ ජීව ඩයටම ෙසෙල අතර සමානකම් පවතින බවත් තාරකා ජීව විද්‍යාඥ  මාහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා යළිත් කියා සිටී.

සිය පර්යේෂණවල ඉදිරි  පියවරක් ලෙස මෙම උල්කාෂ්මවල ජීවී ෙසෙල සහ රතුවැස්සේ ජීවී  ෙසෙල වල සබදතාව පිළිබද සොයා බැලීමට පැමිණි අවස්ථාවේ බකිංහැම් තාරකා ජීව විද්‍යා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

‘උල්කාෂ්මවල ජීවී ෙසෙල වගේම රතුවැස්සේ සාම්පලවල වල ජීවී ෙසෙල එංගලන්තයේ කාෆීඞ් විශ්වවිද්‍යාලයේ දී සම්පේ‍්‍රක්ෂිත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී මෙම ජීවී ෙසෙලවල සමානකමක් පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබද විවිධ අදහස්  පළ වූ බව අප දුටුවා. ඒ නිසා අපි විද්‍යුත් ඊමේල් පණිවිඩ යවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ට විවෘත ආරාධනාවක් කළා. විද්‍යාත්මක සංවාදයකට එළෙඹීම  වඩාත් හොදයි කියා. එවැනි විද්‍යාත්මක සංවාදයකට අප සූදානම්’ යැයි ද මහාචාර්ය වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment