-

-
  • home
Home » » විදුලිබිල සංශෝධනය ගැන ඇමති පාඨලිගේ විශේෂ හෙළිදරව්ව!

විදුලිබිල සංශෝධනය ගැන ඇමති පාඨලිගේ විශේෂ හෙළිදරව්ව!



විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බව තාක්ෂණ හා පර්යේෂණ පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 


හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස මෙවර සිදුවු විදුලි ගාස්තු සංශෝධනයට තමාගේ සම්බන්ධයක් ඇතැයි යනුවෙන් වත්මන් විදුලිබල ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සිහිපත් කරන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා තමාගේ නම ඈඳා ගනිමින් සිදුවන එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කියයි. 


විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ ගැන වැඩිදුරටත් සඳහන් වන අතර එය පහත පරිදිය. 


‍2013 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විදුලිබල ඇමැතිණි පවිත‍්‍රා වන්නිආරච්චි මැතිණිය විසින්, පාර්ලිමේන්තුවේ දී කරනා ලද ප‍්‍රකාශයක් මාධ්‍යවල ඵල වී ඇත. ඒ මගින් හිටපු විදුලිබල ඇමැති ලෙස මේ ගාස්තු වැඩි කිරීම යෝජනා කළේ මා විසින් බවට ඇඟවෙන ප‍්‍රකාශ හා වාර්තා ඵල වී තිබේ. 


පළමුව කිවයුත්තේ 2013 විදුලිබල ගාස්තු සංශෝධනය පිළිබඳ කිසිඳු යෝජනාවක් මවිසින් කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපතිතුමාට හෝ ලංකා විදුලිබල මණ්ඩලයට සිදු නොකළ බවය. 


එවැන්නක් කර ඇතිනම් එය ලිඛිතව පෙන්නා දෙන ලෙස ඕනෑම අයෙකුට අභියෝග කරමි. විදුලි අයක‍්‍රමය පිළිබඳ විදුලිබල පනතට අනුව බලතල ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට වන අතර, ප‍්‍රතිපත්ති සැකසීම පමණක් ඇමැතිවරයා විසින් සිදු කරනු ලැබේ. 


2013 ජනවාරි 21 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා අමතා එවන ලද ලිපියක් මගින් 2013 මාර්තු 31 දා සිට දැවිතෙල් මිල රුපියල් 65 සිට 90 දක්වා ද, අඩු සල්ෆර් දැවිතෙල් මිල රුපියල් 75 සිට 100 දක්වා ද වැඩිකර තිබූ අතර, එයට සාපේක්ෂව විදුලි අයක‍්‍රමයක් ද මාර්තු දා සිට ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණි. 


එය පසුව මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කළ විදුලි අයක‍්‍රමයට හරයෙන් සමානය. නමුත් ඇතැම් විට විදුලිය වැඩිකළ ප‍්‍රතිශත වෙනස් කළ හැක. 


මේ පිළිබඳව 2013 - 01 - 24 දරණ දාතමින් මා විසින් අතිගරු ජනාධිපතිතුමා අමතා ලිපියක් යවන ලද අතර, එහිදී ඉහත කී මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ ලිපියෙන් යෝජනා කර තිබූ විදුලි අයක‍්‍රමයට මගේ විරුද්ධතාවය ඵලකර ඇත. එහි කොටස් මෙසේ උපුටා දක්වමි. 


‘‘ගෘහස්ථ ක්ෂේත‍්‍රයේ මාසික විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිත කරනා අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිල 100%කින් පමණ ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ ලිපියෙන් යෝජනා කර ඇත. ඒ අතර ඉහළ ආදායම්ලාභී මාසිකව ඒකක 180ට වැඩියෙන් භාවිත කරනා පාරිභෝගිකයන්ගේ විදුලිබිල 8 - 35% අතර, ප‍්‍රමාණයකින් ඉහළ දමා ඇත. මෙය මෙතෙක් රජය මගින් ක‍්‍රියාත්මක කළ රටේ දුප්පත් ජනතාවට ඔරොත්තු දෙන මිලකට විදුලිය සැපයීමේ ප‍්‍රතිපත්තියට ඉඳුරාම පටහැනි වේ. එමෙන්ම මෙය රට තුළ රජයට ඉතාමත්ම අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට ද හේතුපාදක වනු ඇත. මෙම රජයේ මූලික පදනම වූ සාමාන්‍ය ජනතාවගෙන් රජය ඈත් කිරීමට කි‍්‍රයාත්මක වන්නාවූ කුමන්ත‍්‍රණයක එක් පියවරක් දැයි පරීක්ෂා කර බැලීම යෝග්‍ය වේ. නියඟය පැවැති වකවානුවේ දී ලංවිම ගාස්තු ඉහළ නොයවා එය පාඩු ලැබීමට සලස්වා, විශේෂයෙන්ම රටේ සියලු ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශ පිරී ඉතිරී ඇති මෙවන් මොහොතක මෙලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කිරීම අතිශය සැක කටයුතු වන්නේය’’. 


මේ අනුව 2013 විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව මාගේ ස්ථාවරය සියලු දෙනාට පැහැදිළි වනු ඇතැයි සිතමි. 


තවද, කිහිප අවස්ථාවකදීම මා අවධාරණය කර ඇත්තේ 2012 දී අසාමාන්‍ය ලෙස තෙල් සංස්ථාව හා ලංවිම රුපියල් බිලියන 150ක් තරම් පාඩු ලැබුවේ ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම නිසා නොව, ප‍්‍රධාන වශයෙන් රුපියල අවප‍්‍රමාණය වීමත්, නියඟය නිසා ඉන්ධන විදුලිය වැඩියෙන් භාවිත කිරීමත් නිසා බවය. 


එයට එකී අමාත්‍යාංශ දෙකෙන්ම කිසිවෙක් වගකිවයුතු නොවේ. එයට විදුලි පාරිභෝගිකයන්ද වගකිවයුතු නැත. ලංවිම ඇති ව්‍යුහමය ගැටලුව වන්නේ එයට ඉන්ධන මිලදී ගැනීම්, ජනන වියදම්, වෙළඳපොළ මිල ගණන් අනුව සිදු කිරීමට සිදුව ඇතත් විදුලිය විකිණීමේදී වෙළඳපොළ මිල ගණන් අනුව සිදු කිරීමට නොහැකි වීමය. 


මහජන උපයෝගීතා කොමිසම් පනතට අදාළ ලංකාවේ බලශක්ති ප‍්‍රතිපත්ති, 1971 මුදල් පනත ආදී නීතිරීති රැසක් ඇතත් ලංකාවේ ඛනිජ තෙල් මිල හා විදුලි අයක‍්‍රමය වැඩි වන්නේ ඒ කිසිදු ප‍්‍රතිපත්තියකට අනුව නොවේ. 


මා විසින් දිගටම සිටි ස්ථාවරය නම්, විදුලියේ යුක්ති යුක්ත කළ හැකි වියදම විදුලි පාරිභෝගිකයා දැරිය යුතුය. අඩුවෙන් විදුලිය පරිශීලනය කරන අය අඩුවෙන්ද, වැඩියෙන් විදුලිය පරිශීලනය කරන අය වැඩියෙන්ද විදුලියට ගෙවිය යුතුය. 


මන්ද විදුලි ජනනයේ දී වියදම් ඇතිවන්නේ එලෙස නිසාය. විදුලි දරිද්‍රතාවයත්, ආර්ථික දරිද්‍රතාවයත් සලකා බලා සමාජ සාධාරණත්වයේ මූලධර්මය යොදාගත යුතුය. 


2013 විදුලි අයක‍්‍රම මේ කිසිදු මූලධර්මයක් අනුගමනය කර නැත. ඉන්ධන හා විදුලි අයක‍්‍රමය තීරණය කිරීම නිලධාරීන් අතලොස්සකගේ කැමැත්ත මත නොව ජනතාවට පිළිගත හැකි විද්වත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තුවට වගකියන ලෙස කිසියම් මිල සූත‍්‍රයකට අනුව සිදුවිය යුතු බව නැවතත් අවධාරණය කරමි. 


විදුලි අයක‍්‍රමය ඛනිජ තෙල් මිල ඉහළ යෑම වැනි ගැටලුවල හරය වටහා ගෙන කටයුතු කරනවා විනා විවිධ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මාධ්‍ය ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඵලක් නොවේ. මේ පිළිබඳ ඕනෑම අයෙකු හා හරයාත්මක සංවාදයකට එලැඹීමට මා සූදානම් බව ද මෙයින් ප‍්‍රකාශ කරමි. 


පාඨලී චම්පික රණවක 

6 comments:

  1. මේ රටේ කවදාවත් ඉගනගත්ත හරියට වැඩක් කරන කෙනෙක්ට වැඩක් කරන්න දෙන් නැහැ.... වැඩක් ගන්න දන්නෙත් නැහැ ....

    ReplyDelete
  2. hariyata wedak nokarana ekama rata Sri Lankawe ,, Sinhala Bauddha yai Kiya gaththu pirisa Innakam me rata goda ganna be,

    ekata nam Niyamama prathi paththi garuka bauddayo bihi viya uthui, ewani aya rata bara gatha uthui,

    ......................................................................Piliwethin pela geheemata aruthak demu !

    ReplyDelete
  3. Always responsibility must be given to responsible persons unfortunately this is sri lanka...

    ReplyDelete