-

-
  • home
Home » » පවිත්‍රා පාඨලිට බනිනවා- පාඨලි පවිත්‍රාට බනිනවා- ජනපතිට බනින්න කවුරුත් නෑ

පවිත්‍රා පාඨලිට බනිනවා- පාඨලි පවිත්‍රාට බනිනවා- ජනපතිට බනින්න කවුරුත් නෑ



විදුලිබිල වැඩි වීම සම්බන්ධයෙන් පවිත්‍රා පාඨලිටත් පාඨලි පවිත්‍රාටත් බැන ගන්නා නමුත් මේ කවුරුවත් ජනාධිපතිවරයාට නොබනින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. 

විදුලිබිල වැඩි කිරීම ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා දූෂණ විරෝධි සංවිධානය විසින් අද (25) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 

ලබන මැයි 01 වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනයේදී විදුලිය සඳහා සහනයක් ලබාදෙන බව කියා ජනාධිපතිවරයා ලකුණු දමා ගනීවි යැයිද ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පෙන්වාදුන්නේය. 

මත්තල ගුවන් තොටුපළ ගැන වෙළඳ දැන්වීම් දමන බවත් ජනතාවගේ මුදල් වැය කරමින් වෙළඳ දැන්වීම් දැමීමට අවශ්‍ය නැති බවත් හෙතෙම එහිදී කීවේය. 

ජනතාවට විදුලිබිල ගැන අමුතුවෙන් කිව යුතු නැති බවද ජනතාවට ඒ ගැන හොඳින් වැටහෙන බවද ඔහු පෙන්වා‍දුන්නේය. 

එකී මාධ්‍ය හමුවට වෘත්තීය සමිති කිහිපයකම නියෝජිතයින් පැමිණ සිටි අතර ඔවුන් ද එහිදී අදහස් දැක්වූහ. 

0 comments:

Post a Comment