-

-
  • home
Home » » බොස්ටන් ප‍්‍රහාරයේ කොටි සළකුණු. යුද අපරාධ චෝදනා නතර කරන්න. - ශවේන්ද්‍ර සිල්වා.

බොස්ටන් ප‍්‍රහාරයේ කොටි සළකුණු. යුද අපරාධ චෝදනා නතර කරන්න. - ශවේන්ද්‍ර සිල්වා.



බොස්ටන් ප‍්‍රහාරයේ අත්දැකීම් සැළකිල්ලට ගෙන හෝ ත‍්‍රස්තවාදය තුරන් කළ මෙරට නායකත්වය සහ හමුදා නායකයන් යුද අපරාධකරුවන් ලෙස හැඳින්වීම නතර කරන්නැයි නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. බොස්ටන් නුවර ශ‍්‍රී ලාංකික රූපවාහිනී සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ බොස්ටන් ප‍්‍රහාරයේ වේදනාව ශ‍්‍රී ලාංකිකයන්ට නුහුරු අත්දැකීමක් නොවන බවයි. වසර 30 කට අධික කාලයක් ශ‍්‍රී ලාංකිකයන් මෙවැනි අත්දැකීම් රැසකට මුහුණදී තිබෙනවා. 

යුද්ධය අවසන් වී ඇති නමුදු ඇතැම් ජාත්‍යන්තර කණ්ඩායම් සහ රටවල් පවා මියගිය කොටි සංවිධානයට පණදීමට උත්සාහ දරන බව නොරහසක්. එවැන්නන් බොස්ටන් ප‍්‍රහාරය සැළකිල්ලට ගෙන කොටි සංවිධානයට සහය පළ කිරීම නතර කරනු ඇතැයි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්වාසය පළ කළා. බොස්ටන් නුවර සුප‍්‍රකට මැරතන් ධාවනයට එල්ලවූ ප‍්‍රහාරය සඳහා යොදා ගැනුනේ පුපුරණ ද්‍රව්‍ය සුළු ප‍්‍රමාණයක්. එහෙත් සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප‍්‍රහාරයේ වැඩි බලපෑමක් සඳහා යකඩ ඇණ මුරිච්චි ආදිය ඊට එක්කර තිබුණා. 

එය මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ලෝකයට දායාද කරන ලද්දක් බවයි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේ.

0 comments:

Post a Comment