-

-
  • home
Home » » විදුලි ස්‌ත්‍රික්‌කයෙන් හය හැවිරිදි පුතු පිළිස්‌සූ මව රිමාන්ඩ්

විදුලි ස්‌ත්‍රික්‌කයෙන් හය හැවිරිදි පුතු පිළිස්‌සූ මව රිමාන්ඩ්



ගාල්ල කටුගොඩ සුනාමි නිවාසවල පදිංචි හය හැවිරිදි පිරිමි දරුවකු ඔහුගේ මව විසින් විදුලි ස්‌ත්‍රික්‌කයකින් පුළුස්‌සා පහර දීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් දරුවාගේ මව ගාල්ල වරාය පොලිසිය මගින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාරිය ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුණෙන්ද්‍ර කුමාර මුණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 9 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් දරුවා කිතුලම්පිටිය ළමා නිවාසයට යොමු කරන ලෙසත් නියෝග කෙරිණි.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මුස්‌ලිම් ජාතික දෙදරු මවකි. ඇය ඉකුත් 12 වැනි දින විදුලි ස්‌ත්‍රික්‌කයකින් රෙදි මදිමින් සිටියදී දරුවාගේ අතින් එම ස්‌ත්‍රික්‌කය බිම වැටී ඇති බවද මේ නිසා කෝප වූ මව දරුවාගේ සිරුරේ තුන් පළකට විදුලි ස්‌ත්‍රික්‌කය තබා පුළුස්‌සා පහර දී ඇති බවද පැවසේ.

පසුව මව ඔසු සලකින් ක්‍රීම් එකක්‌ ගෙන දරුවාගේ ඇඟේ තිබූ තුවාලවල ආලේප කොට ඇත. මෙම සිද්ධිය කිසිවකු විසින් ළමා රක්‍ෂණ අධිකාරියට දැනුම් දීමෙන් පසු මව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. දරුවාගේ පියා විදේශගතවී සිටී. දරුවා පොලිසිය මගින් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. ඒ. එම්. මහින්ද මහතා වෙත යොමු කරනු ලැබීය.

ගාල්ල වරාය පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති අනුර ගමගේ මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකාර මව අත්අඩංගුවට ගන්නා ලදි.

0 comments:

Post a Comment