-

-
  • home
Home » » මිහිකත දිනය අදයි - විශේෂ විඩියෝ වැටසටහන් මාලාව දැන් නරඹන්න

මිහිකත දිනය අදයි - විශේෂ විඩියෝ වැටසටහන් මාලාව දැන් නරඹන්න


ලෝක මිහිකත දිනය අද (22)ට යෙදී ඇති අතර මෙවර මිහිකත දිනයේ තේමාව වී ඇත්තේ ''දේශගුණ විපර්යාස ජයගනිමු'' යන්නයි.   මිහිකත දිනය සැමරීමේ 43වන සංවත්සරය ශ්‍රී ලංකාවේ සැමරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සියලු කටයුතු සංවිධනය කර තිබේ. ඒ අනුව රට පුරා ජනතාව නියෝජනය වන පරිදි පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සමඟ එක්වී පරිසර පා ගමනක් සංවිධානය කර තිබේ.   දේශගුණ විපර්යාසයන්ගේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගැනීමට දායකවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ. 

මේ සමිබන්ධව අප ඔබට ඉදිරිපත් කරන රැපවාහිනි වැඩසටහන් මාලාව අප වෙබි අඩවිය හරහා දැන් නරඹන්න. 

Part 1 And Part 2 



0 comments:

Post a Comment