-

-
  • home
Home » » ඉස්ලාමි අන්ථවාදින්ගේ ආක්‍රමණයට ලක් වූ කූරගල පුද බිමේ කැණීම් ඇරඹෙයි

ඉස්ලාමි අන්ථවාදින්ගේ ආක්‍රමණයට ලක් වූ කූරගල පුද බිමේ කැණීම් ඇරඹෙයි


ඉස්ලාමි අන්ථවාදින්ගේ බලපෑම් හේතුවෙන් ඉකුත් අඩ සියවසක කාලයක් පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන රත්නපුර බලංගොඩ කුරගල පුද බිමේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  මහරහතන් වහන්සේ වැඩ හුන් ගල් ලෙන් රැසකින් සමන්විත මෙම පුදබිම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර තිබුණත් අන්‍යාගමිකයන්ගේ බලපෑම්  හේතුවෙන් ඉකුත් කාලයේ එහි ඉස්ලාම් පල්ලියක් ඇතුළු අනවසර ගොඩනැගිලි රැසක් ඉදි කර තිබුණ අතර එහි වු පුරාවිද්‍යා වටිනාකමක් ඇති වටිනා ස්ථාන ඉස්ලාමි අන්ථවාදින් විසින් විනාශ කර තිබුණි. 

පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ මෙසේ නව ඉදි කිරීම් නීති විරෝධී ක්‍රියාවක් බැවින් කුරගල පුද බිමේ තිබෙන නව ඉදිකිරීම් ඉන් ඉවත් කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. 


ආරක්ෂක අමාත්‍යංශ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නිලධාරීහු පිරිසක්ද දෙසතියකට ඉහතදී නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. පුරාවිද්‍යා රක්ෂිතයේ තිබෙන අනවසර ඉදි කිරීම් ඉවත් කර මේ පුදබිම සංරක්ෂණය කිරීමේ අරමුණින් කැණීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

0 comments:

Post a Comment