-

-
  • home
Home » » විදුලි මාෆියාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීනුත් සම්බන්ධයි

විදුලි මාෆියාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීනුත් සම්බන්ධයි



ටෙන්ඩර් කැඳවා හා ටෙන්ඩර් නොකැඳවා පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විනිවිදභාවයක් දක්නට නැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 


විදුලිබල මණ්ඩලය විසින් ඇතැම් අවස්ථාවල ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයෙන් ගන්නා විදුලි උත්පාදන යන්ත්‍රවලින් නිෂ්පාදනය කරන විදුලිය ලබා ගැනීම සිදුකරන බව හෙතෙම පවසයි. 



එසේම ටෙන්ඩර් කැඳවීමකින් තොරවද පෞද්ගලික අංශයේම ඇතැම් පිරිස් විසින් නිෂ්පාදනය කරන විදුලිය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලය පෙළඹී සිටින බව ඔහු පෙන්වාදෙයි. 



ඒ අනුව ටෙන්ඩර් කැඳවා හා නොකැඳවා පෞද්ගලික අංශයෙන් නිෂ්පාදනය කරන විදුලිය ලබා ගැනීමේදී විනිවිදභාවයක් දක්නට නැති බව මන්ත්‍රීවරයා කියයි. 



මෙම වාතාවරණය යටතේ පෞද්ගලික අංශයේ විදුලි මාෆියාවක් ගැන කතා කරන බවත් ඒ අනුව වැඩි මිලට විදුලිබල මණ්ඩලයට විදුලිය විකුණන්නේ මෙම මාෆියාව විසින් බවත් හෙතෙම කියයි. ඒ අනූව එකී මාෆීයාව හැදී ඇත්තේ පෞද්ගලික අංශයේ සිටින පිරිස් හා විදුලිබල මණ්ඩලය ඇතුළේ සිටින නිලධාරීන් අතරම බව ඔහු සඳහන් කරයි. 



කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 



මේ අතර බලශක්ති සංසදයේ වැඩසටහන් සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා පවසන්නේ පෞද්ගලික තාප විදුලිබලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ දී නිශ්චිත මිල පටිපාටියක් නොමැති වීමද විදුලිබල මාෆියාවට හේතුවක් වී ඇති බවයි. 



සාමාන්‍යයෙන් මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වසරකට සියයට 45ක් ජල විදුලියෙන් නිපදවන බව හෙතෙම කියයි. 



විදුලිබල මණ්ඩලයට අයත් තාප විදුලිබලාගාර හැරුණු විට සියයට 42ක් තාප විදුලිය ලබා ගන්නේ පෞද්ගලික අංශයෙන් බව ඔහු පෙන්වාදෙයි. 



එසේ මිලදී ගන්නා විදුලි ඒකකයක් සඳහා රුපියල් 20 සිට 40 දක්වා මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමේදී බලපෑ කාරණා මත විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වන බව ඉන් පැහැදිළි වන බවත් බන්දුල චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් පවසයි. 

0 comments:

Post a Comment