-

-
  • home
Home » » 9/11 ප්‍රහාරයට යොදාගත් යානයක සුන්බුන් හමු වෙයි

9/11 ප්‍රහාරයට යොදාගත් යානයක සුන්බුන් හමු වෙයි



නයින් ඉලවෙන් හෙවත් 2001 ත්‍රස්ත ප්‍රහාරයේදී නිව්-යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට කඩා වැදීම සඳහා යොදාගන්නා ලද ගුවන් යානයේ බවට සැලකෙන කොටසක් හමුවී තිබේ.
අමෙරිකානු බලධාරීන් පවසන්නේ නිව්-යෝක්හි ගොඩනැගිලි 2ක් අතර තිබී හමු වූ එම ලෝහ කොටසේ බෝයින් සලකුණ සහ අංකයක් හඳුනාගත් බවය.
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේදී නිව්-යෝක්, වොෂින්ටන් සහ පෙන්සිල්වේනියා ප්‍රදේශවලට පැහැරගන්නා ලද ගුවන් යානා කඩාවැදීමෙන් පුද්ගලයෝ 3,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
මේ සම්බන්ධයෙන් සැකකෙරෙන අල්-ඛයිඩා ත්‍රස්ත සමාජිකයින් බව සැලකෙන පුද්ගලයෝ 5 දෙනෙක් යුද අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට කියුබාවේ අමෙරිකාවට අයත් ග්වන්ත‍නාමෝබේ සිර කඳවුරේ රඳවා සිටිති.

0 comments:

Post a Comment