-

-
  • home
Home » » සමාගම් 4 ක්‌ අවුරුද්දට ශ්‍රී ලාංකිකයන්ට ජරාව කවන්න හැදූ හැටි හෙළිවෙයි

සමාගම් 4 ක්‌ අවුරුද්දට ශ්‍රී ලාංකිකයන්ට ජරාව කවන්න හැදූ හැටි හෙළිවෙයි




සිංහල අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීම සඳහා අපද්‍රව්‍ය සහිත ආහාර තොග මෙටි්‍රක්‌ ටොන් තිස්‌දහසක්‌ පමණ මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගම් හතරක්‌ මගින් මෙරටට ගෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ ආනයනික ආහාර පරීක්‌ෂණ ඒකකය මගින් මෙම ආහාර ද්‍රව්‍ය සොයා ගත් බවත් එහිදී අපද්‍රව්‍ය ඇති කැඩුණු ඇට සහිත පරිප්පු මෙටි්‍රක්‌ ටොන් විසිපන්දහසක්‌, ප්‍රමිතීන්ට අනුකූල නොවූ අබ පල්ප් කිලෝ දහඅටදහස්‌ හයසියයක්‌, තක්‌කාලි ෙµaස්‌ට්‌ අඩි 40 හේ කන්ටේනර් හතරක්‌, කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 16 ක්‌ තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ආහාර තොග රේගු භාරයෙන් මුදා නොහරින ලෙසත් ඒවා ප්‍රතිනැව්ගත කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට උපදෙස්‌ දී ඇත.


0 comments:

Post a Comment